කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේ දී සියයට 11.4ක ඉහළ යෑමක් වාර්තා කළේය. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 14.4ක, 11.5ක සහ 8.4ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් මෙම වැඩිවීමට දායක විය. මේ අතර, අර්ධ වාර්ෂික පදනමින් ද, එනම්, 2024 වසරේ දෙවන භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක ඉහළ වේගයකින් වර්ධනය වී ඇත. මෙහිදී ද, ඉහළම වර්ධනය පිළිවෙළින් නේවාසික අනු දර්ශකය සහ වාණිජ අනු දර්ශකය විසින් වාර්තා කරන ලදී.
Published Date:
Wednesday, August 27, 2025