ඉඩම් තක්සේරු දර්ශකය - 2022 වසරේ පළමු භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය සියයට 17.0 ක වාර්ෂික වර්ධනයක් සමඟ 2022 වසරේ පළමු භාගයේ දී දර්ශකාංක 186.9 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම වාර්ෂික වර්ධනය (සියයට 17.0) මෙන්ම අර්ධ වාර්ෂික වර්ධනය (සියයට 4.6), 2021 වසරේ දෙවන භාගයේ දී වාර්තා වූ වර්ධන ප්‍රවණතාවට සාපේක්ෂව පසුබෑමක් පෙන්නුම් කරයි.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යාම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 20.6 ක අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් වාණිජ සහ නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබුණි.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, August 18, 2022