ඉඩම් තක්සේරු දර්ශකය - 2022 වසරේ දෙවන භාගය

කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය සියයට 14.8ක වාර්ෂික වර්ධනයක් සමඟ 2022 වසරේ දෙවන භාගයේ දී දර්ශකාංක 205.2 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම ඉහළ යාම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය.

වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකය සියයට 15.7ක ඉහළම වාර්ෂික වැඩිවීමක් වාර්තා කළ අතර, අනුපිළිවෙලින් නේවාසික අනු දර්ශකය (15.2) සහ කාර්මික අනු දර්ශකය (13.6) ද වාර්ෂික වැඩිවීම් වාර්තා කරන ලදී. කෙසේ වුවද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වැඩිවීමේ යම් පහත වැටීමේ ප්‍රවණතාවයක් 2022 දෙවන භාගයේ දී දක්නට ලැබුණු අතර කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකයෙහි වාර්ෂික වැඩිවීම පහත වැටීම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය. මේ අතර, 2022 දෙවන භාගයේ දී නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකවල වාර්ෂික වර්ධනය සුළු වශයෙන් ඉහළ යන ලදී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, February 24, 2023