රජීව් අමරසූරිය
රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වන අතර, අභියාචනාධිකරණයේ කොන්ත්‍රාත්, වාණිජ, දේපළ, බදුකරණය, බැංකු සහ පොදු නීතිය ද ඇතුළු සිවිල් නීති කටයුතුවල පළපුරුද්දක් ඔහු සතු වේ.
අමරසූරිය මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති අධ්‍යයන නිත්‍ය කමිටුව, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය කළමනාකරණ මණ්ඩලය සහ නීති අධ්‍යාපන සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අධ්යක්ෂ මණ්ඩල / කමිටු සාමාජිකයෙකු වන අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයා සහ LAWASIA හි විධායක කමිටු සාමාජිකයෙකු ද වේ.
ඔහු ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්, ශ්‍රී ලංකා ජාතික බේරුම්කරණ මධ්‍යස්ථානයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකු, කොළඹ විශ්වවිද්‍යාලයේ සභා සාමාජිකයෙකු මෙන් ම, කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයා ද වේ.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇති අමරසූරිය මහතා, නීති විද්‍යාලයේ අවසාන විභාගයෙන් ඉහළින් ම සමත් වී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස පත් විය. එමෙන් ම, ඔහු එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු මෙන් ම, හාවඩ් කෙනඩි පාසලේ (විධායක අධ්‍යාපනය) ආදි සිසුවෙකු ද වේ. 2022 අප්‍රේල් මාසයේ දී, ඔහු AFGG - රයිසිනා අධි සාමාජිකත්වයෙන් (AFGG – Raisina Fellow) පිදුම් ලැබුවේ ය.
2013 දී ඔහු වයස අවුරුදු 40ට අඩු වඩාත් ම කැපී පෙනෙන CIMA සාමාජිකයා සඳහා වන CIMA ස්ටාර් ගෝල්ඩ් (Star Gold) සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2021 දී CIMA – LMD ට්‍රේල්බ්ලේසර් (Trailblazer) ලෙස නම් කරන ලදී.