ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ 

ජනාධිපති නීතීඥයෙකු වන වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වරලත්  කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර කොළඹ විශ්විද්‍යාලයේ  නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. ඔහු ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නීතීඥවරයෙකු මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සමථකරණ කටයුතුවල දී පෙනී සිටින වෘත්තීය නීතිවේදියෙකි. ඔහු ජාතික සහ ජාත්‍යන්තර සමථකරණ කටයුතුවල දී සමථකරුවෙකු ලෙස කටයුතු කරන අතර, විදේශයන් හි සිදුවන නඩු කටයුතුවල දී ශ්‍රී ලංකා නීතිය සම්බන්ධ විශේෂඥ සාක්ෂිකරුවෙකු ලෙස කටයුතු කරයි.

වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල සේවා අභියාචනා මණ්ඩලයෙ හි සභාපතිවරයා වන අතර, හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා හි පාලක සභාවේ  සාමාජිකයකු මෙන්ම, අයාති ට්‍රස්ට් ශ්‍රී ලංකා හි භාරකරුවකු ලෙස ද කටයුතු කරයි. එසේ ම ඔහු කන්වීනියන්ස් ෆුඩ්ස් ලංකා පීඑල්සී හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වන අතර, එහි පාලන සහ නාමයෝජනා කමිටුවේ සහ වේතන කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

වික්‍රමසිංහ මහතා මීට පෙර ලැයිස්තුගත වාණිජ බැංකුවක ජ්‍යේෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු සහ එහි විගණන සමාලෝචන කමිටුවේ සහ නාමයෝජනා කමිටුවේ සභාපතිත්වය දරා ඇත. ඔහු ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක ස්වාධීන අධ්‍යක්ෂවරයකු සහ එහි විගණන කමිටුවේ සභාපතීත්වය සහ වේතන කමිටුවේ සාමාජිකත්වය දරා ඇත.

ක්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ, මොරටුව විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්යවරයෙකු සහ විභාග පරීක්ෂකවරයෙකි. ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාග පරීක්ෂකවරයෙකු සහ දෙහිවල ශාන්ත තෝමස් විද්‍යාලයේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කළමනාකරු ලෙස ද සේවය කර ඇත.