නෝට්ටුවල ආරක්ෂණ සලකුණු

හිතකර මූල්‍ය පද්ධතියක් සඳහා පදනම සුරක්ෂිත මුදල් වේ. එබැවින්, ව්‍යාජ මුදල් නෝට්ටු වලින් අව්‍යාජ මුදල් නෝට්ටු පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීම සඳහා මුදල් නෝට්ටු නිර්මාණයේදී ඒ තුළට ආරක්ෂණ සළකුණු ඇතුළත් කරයි. මුදල් නෝට්ටු වල ඇති ආරක්ෂණ සළකුණු ගනුදෙනු සඳහා විශ්වාසය ඇතිකරයි. වැඩි විස්තර සඳහා

දිය සලකුණ

එක් එක් නෝට්ටුවේ මුහුණත දකුණුපස දක්වා ඇති පක්ෂීන්ගේ රූප අදාල නෝට්ටුවේ දිය සලකුණ ලෙස දක්වා ඇත. තවද නෝට්ටුවේ වටිනාකම විශේෂිත දිය සලකුණක් ලෙසින් සිරස් අතර ඉලක්කම්වලින් දක්වා ඇත.

         

ආරක්ෂණ නූල

ආරක්ෂණ නූල නෝට්ටුවෙන් නෝට්ටුවට වෙනස් වන අතර රු. 100, 50 සහ 20 නෝට්ටුවල “CBSL”යන අක්ෂර සහ අදාළ නෝට්ටුවේ වටිනාකම, Rs.100, Rs.50 යනාදී වශයෙන් නෝට්ටුවේ සිරස් අතර ඇතුළත් කර ඇත. රු. 5000, රු. 1000 සහ රු. 500 යන නෝට්ටුවල පිළිවෙල්න් මි.මී. 3, මි. මී. 2.5, මි.මී. 2 යන පළලින් යුතුවූ, රතු සහ කොළ ලෙස වර්ණය වෙනස්වන්නා වූ “ස්ටාර්ක්‍රොම්” ආරක්ෂණ නූල සිරස් ව තැනින් තැන මතු වී පෙනෙන ලෙස යොදා ඇත. රු. 100, රු. 50 සහ රු. 20 නෝට්ටුවල යොදා ඇති නූල සම්පූර්ණයෙන් ම නෝට්ටුව තුළට ඇතුල් කර ඇති අතර,එය අඛණ්ඩ ඉරක් ලෙස දිස්වේ.

         

වැරගැන්වූ කොන්

“වැර ගැන්වූ කොන්” නමැති දිය සලකුණ එක් එක් නෝට්ටුවේ කොන් හතරේ විකර්ණ ආකාරයෙන් දිවෙන්නා වූ ඉරි ලෙසින් දැක්වේ.

         

විනිවිද පෙනෙන සලකුණ

නෝට්ටුව ආලෝකයට යොමු කොට බැලීමේදී නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් කොටස් (සමනල රූපය අසල) නෝට්ටුවේ පිටුපස ඇති ඒ හා සමාන ඉලක්කම් කොටස් සමග එක්නෙකට සමපාත වී සම්පූරුණ ඉලක්කම් සේ දිස්වේ.

         

         

         

ඉතා කුඩා අක්ෂර

නෝට්ටුවේ සමනල රූපයට පහළ කොටස් දෙස සමීපව බැලුවිට, ඉතා කුඩා ලෙස මුද්‍රිත “CBSL” යන අක්ෂර සහ නෝට්ටුවේ වටිනාකම ඉලක්කමින් දැකිය හැක.

         

දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් යොදා ඇති සලකුණ

නෝට්ටුවේ වම්පස සිරස් අතට රළු ලෙස මුද්‍රිත තිත් නෝට්ටුවේ වටිනාකම අනුව වැඩිවෙමින් යන ආකාරයට මුද්‍රණය කර ඇති අතර, (රු. 20 නෝට්ටුවේ එක් තිතක්) ඒවා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට නෝට්ටුවල වටිනාකම හඳුනාගැනීමට උදව් වේ.

         

උස් වූ මුද්‍රිත

නෝට්ටුව ඇගිලිතුඩු මගින් ස්පර්ශ කිරීෆම් දී උස්ව මුද්‍රිත ප්‍රදේශ හඳුනාගත හැකිය. (උදා: ශ්‍රී ලංකා මහ බැංකව නමැති පාඨය සහිත කොටස සහ නෝට්ටුව මධ්‍යයේ පිහිටි මෝස්තර).