ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සිය රාජකාරි කටයුතු අරඹයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතින්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරන ලදි. මේ අනුව මහාචාර්ය ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ඇත. 

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා 1994 සිට 1999 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද සේවය කළේ ය. 

අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහු 2005 වසරේ දී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබී ය.  

මහාචාර්ය ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයායි.

 

 

Published Date: 

Tuesday, December 24, 2019