ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමේ සිව්වැනි සමාලෝචනය පිළිබඳ ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

කොළඹ දී  සහ වොෂින්ටන් නුවර පැවැති වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුර දී බලධාරීන් සමඟ සිදු කළ සාධනීය සාකච්ඡාවලින් අනතුරු ව ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසේ ප්‍රධානී මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මිය විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ එකඟතාවකට එළැඹියේ ය. බලධාරීන් විසින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව සාර්ථක ව තවදුරටත් පවත්වාගෙන යෑම සහ ජාත්‍යන්තර සංචිත ශක්තිමත් කිරීම මගින් වැඩසටහන යටතේ දෙසැම්බර් මස අවසානය සඳහා පැවති සියලු ම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගන්නා ලදී. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යෑම හමුවේ උද්ධමනය, දෙසැම්බර් මාසය සඳහා වූ ඇතුළත සීමාවේ ඉහළ ම අගය ඉක්මවුව ද, එතැන් සිට නැවතත් ඇතුළත සීමාව තුළට පැමිණ ඇත. ඇතැම් ප්‍රමාදයන් හමුවේ වුව ද, සම්පූර්ණ කිරීමට ඇති සියලු ම ව්‍යූහාත්මක නිර්ණායක ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීහු පියවර ගනිමින් සිටිති.”

 “කාලගුණික තත්ත්වය ආශ්‍රිත ව ඇති වූ කම්පනවල බලපෑම හේතුවෙන් 2017 වසරේ දී වර්ධනය මන්දගාමී වුව ද, පසු ව කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ආහාර මිල ගණන් පහළ වැටුණු අතර, ආර්ථිකය ද යථා තත්ත්වයට පත්වෙමින් පවතී. 2018 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 4.0ක මට්ටමකට පත් වනු ඇති අතර, උද්ධමනය සියයට 5.0ට වඩා අඩුවෙන් පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ. අපනයන යථා තත්ත්වයට පත් වෙමින් ඇත. මෑත දී නිකුත් කළ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව කෙරෙහි සාර්ථක අධි දායකත්වයක් ලැබුණි. කෙසේ වුව ද, රටේ රාජ්‍ය ණය තත්ත්වය තවදුරටත් සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතීම, ඉහළ ප්‍රතිමූල්‍යන අවශ්‍යතා පැවතීම සහ විදේශ අංශයේ බාහිර ආරක්ෂණ (External Buffers) අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනයන් සඳහා අවදානමක් පෙන්වයි.”

 

 සම්පුර්ණ ලිපිය

Published Date: 

Friday, April 20, 2018