නිති අසන පැන (FAQs)

එකමුතු වී අපගේ මව්බිම යළි ගොඩනැගීමට සහාය ලබා දෙමු

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට මාගේ පරිත්‍යාගශීලී ආධාරය අවශ්‍ය වන්නේ ඇයි?

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් මෑතක දී ඇති වූ විනාශකාරී කාලගුණික තත්ත්වයන් ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපෑවේ ය. ව්‍යසනකාරී ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් බොහෝ නිවෙස්වලට හානි සිදු ව ඇති අතර, ඒවායෙහි දිවි ගෙවූ පවුල් රාශියක් අවතැන් වී ඇත. බොහෝ පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිකාව අහිමි ව ඇති බැවින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් වීම තවත් අභියෝගාත්මක වී තිබේ.

මෙම ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ මෙන් ම, තම ආදරණීයයන් අහිමි වූ ජනතාවට අත්‍යවශ්‍ය ම වන්නා වූ සහනයක් ඔබගේ පරිත්‍යාගශීලීත්වයෙන් මෙම අවස්ථාවේ දී ලබා දිය හැකි ය. ඔබගේ පරිත්‍යාග ලබාදිය හැකි ක්‍රමවේද කිහිපයක් ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ස්ථාපිත කොට ඇත. ඔබ ලබා දෙන සෑම අධාරයක්ම  සරණක් අවැසි ව සිටින අපගේ ම සහෝදර සහෝදරියන් හට ජීවිත අපේක්ෂාවක් මෙන් ම, මේ අවස්ථාවේ දී අත්‍යවශ්‍ය ම වන උපකාරය ද ලබා දෙයි. 

මේ මොහොතේ ආහාර සහ නවාතැන් නොමැති ව පීඩා විඳින දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් හට කඩිනම් සහනයක් ලබා දීම සඳහා ඔබේ දායකත්වය මහෝපකාරී වනු ඇත.

මගේ ආධාර ශ්‍රී ලංකා මහ බැංකුව ඔස්සේ ලබා දිය හැක්කේ කෙසේ ද?

ඔබේ ආධාර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන පහත සඳහන් බැංකු ගිණුම්වලින් ඕනෑ ම බැංකු ගිණුමක් වෙත බැංකු පැවරුමක් (bank transfer) ඔස්සේ එවිය හැකි ය.

No

ව්‍යවහාර මුදල් ඒකකය

බැංකුවේ නම

ගිණුම් විස්තර

1. එ.ජ. ඩොලර්  (USD)

Deutsche Bank Trust Company Americas

New York, NY

USA

ගිණුමේ නම : ශ්‍රී ලංකා මහ බැංකුව

බැංකුවේ නම : Deutsche Bank Trust Company Americas

ගිණුම් අංකය :  04015541

ගිණුම් වර්ගය : ඉල්ලුම් තැන්පතු ගිණුම (Demand Deposit Account)

Routing Number : 021001033

SWIFT කේතය: BKTRUS33XXX

2. යුරෝ (EUR)

ODDO BHF Bank -

Frankfurt Am Main

Germany

ගිණුමේ නම  : ශ්‍රී ලංකා මහ බැංකුව

බැංකුවේ නම: ODDO BHF Bank

ගිණුම් අංකය : 0000739854

IBAN : DE39500202000000739854

SWIFT කේතය: BHFBDEFF500

3. ස්ටර්ලින් පවුම් (GBP)

 HSBC London

 

ගිණුමේ නම  : ශ්‍රී ලංකා මහ බැංකුව

බැංකුවේ නම: HSBC Bank Plc

ගිණුම් අංකය : 39600144

Sort Code : 400515

IBAN : GB48MIDL40051539600144

SWIFT කේතය: MIDLGB22XXX

4. ස්ටර්ලින් පවුම් (GBP)

Bank of Ceylon (UK) LTD

London, UK 

ගිණුමේ නම  : ශ්‍රී ලංකා මහ බැංකුව

බැංකුවේ නම: Bank of Ceylon (UK) LTD 

ගිණුම් අංකය: 88001249

ගිණුම් වර්ගය : ව්‍යාපාර ගිණුම්(Business Account)

Sort Code:405056

IBAN : GB89BCEY40505688001249

SWIFT කේතය: BCEYGB2LXXX

5.  ජපන් යෙන්  (JPY)

MUFG BANK

TOKYO

ගිණුමේ නම  : ශ්‍රී ලංකා මහ බැංකුව

බැංකුවේ නම: MUFG BANK 

ගිණුම් අංකය : 653-0407895

SWIFT: BOTKJPJTXXX

සටහන: මෙම ගිණුම සඳහා අරමුදල් එවීමේ දී විදේශීය ප්‍රේෂණ ලෙස පැවරිය යුතු ය.

6.

ඕස්ට්‍රේලියානු ඩොලර් (AUD) Reserve Bank of  Australia

ගිණුමේ නම  : ශ්‍රී ලංකා මහ බැංකුව

බැංකුවේ නම: Reserve Bank of Australia

ගිණුම් අංකය :  817364

BSB : 092002

SWIFT කේතය: RSBKAU2SXXX

 

ආධාරය යොමු කළ යුතු ප්‍රතිලාභියාගේ ලිපිනය වන්නේ කුමක්ද? 

30, ජනාධිපති මාවත, කොළම, 00100, ශ්‍රී ලංකාව

ආධාර ලබා දිය හැක්කේ කාහට ද? 

ශ්‍රී ලංකාවේ යහපත අපේක්ෂා කරන ඕනෑම පුද්ගලයෙකුට මෙම ආධාර අප වෙත ලබා දිය හැකි ය.

ආධාර යැවීමේ දී SWIFT ජාලය භාවිත කිරීම අනිවාර්ය වන්නේ ද?  

නැත.

ඔබ පදිංචි රටේ දැනට පවතින අරමුදල් පැවරීමේ යාන්ත්‍රණයක් (fund transfer mechanism) භාවිත කළ හැකි ය. (උදා. ජංගම ගෙවීම් යෙදවුම් [mobile payment apps])

විශාල අගයකින් යුත් ආධාර සඳහා අවශ්‍ය වුවහොත් ලබා දීමට SWIFT කේතය මෙහි දක්වා ඇත. 

මම ලබා දුන් ආධාරය ලැබුණු බවට තහවරුවක් ලබා ගන්නේ කෙසේ ද? 

ඔබ ආධාරය ලබා දීමේ දී අරමුදල් පැවරීමේ උපදෙස් තුළ ඔබේ නම සඳහන් කරන්න. ගෙවීම සිදු කිරීමෙන් පසු, ගෙවීම් සිදු කළ දිනය සමග ගෙවීම තහවුරු කිරීමේ ඡායාරූපයක් fdacc@cbsl.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ මහ බැංකුව වෙත යොමු කිරීමට කාරුණික වන්න. අරමුදල් අදාළ ගිණුම වෙත බැර කර ඔබේ ගෙවීම තහවුරු කිරීමත් සමඟ සංසන්දනය වූ පසු, ඔබේ ආධාරය ලැබුණු බවට තහවුරු කළ ඊමේල් පණිවුඩයක් ඔබට ලැබෙනු ඇත. 

ඔබ දැනටමත් ඔබේ ආධාරය යොමු කර ඇත්නම්, එය ලැබුණු බවට අප විසින් තහවුරු කරනු ලැබීම සඳහා කරුණාකර එම බැංකුවේ නම, ප්‍රේෂණය සිදු කළ දිනය, අගය සහ සඳහන් කළ ඔබේ නම අප වෙත දන්වන්න. 

මහ බැංකුව වෙත ආධාර මුදල් ලැබුණු පසු සිදුවන්නේ කුමක් ද? 

සියලුම අරමුදල් ‘Rebuilding Sri Lanka Fund’ යන අරමුදල වෙත බැර කෙරෙනු ඇත. 

මගේ ආධාරය පිළිබඳ වැඩිදුර තොරතුරු තොරතුරු ලබා ගන්නේ කෙසේ ද?

fdacc@cbsl.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ මහ බැංකුව වෙත ඊමේල් පණිවුඩයක් යැවීමෙන් හෝ +94768315782 යන දුරකථන අංකය වෙත වට්ස්ඇප් පණිවුඩයක් යැවීමෙන් මේ පිළිබඳ ව ඕනෑම විමසීමක් සිදු කළ හැකි ය.