නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 55.6ක දර්ශක අගයට සාපේක්ෂ ව, මාර්තු මාසයේ දී මාස 12කින් වාර්තා වූ ඉහළ ම අගය වාර්තා කරමින්, 65.6ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙ මගින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර එය පසුගිය වසරවල පැවැති ප්‍රවණතාවන්ට ද අනුකූල විය. නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළ යෑම කෙරෙහි, නව ඇණවුම් සහ නිෂ්පාදන උපදර්ශකයන්හි ඉහළ යෑම මගින් ද පෙන්නුම් කළ පරිදි, උත්සව සමයේ ඇති වන ඉල්ලුමේ වර්ධනය හේතු විය. ගැනුම් තොග සහ සේවා නියුක්තිය යන උප දර්ශක ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ ගියේ ය. තව ද, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යෑම ද, සමස්ථ දර්ශකයේ ඉහළ යෑම සඳහා ධනාත්මක ව බලපෑවේ ය. කෙ සේ වුව ද, බොහොමයක් ප්‍රතිචාර දක්වන්නන්, විශේෂයෙන් ම රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශයේ, පුහුණු සහ නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීම අපහසු කටයුත්තක් බව සඳහන් කළේ ය.