• Government of Sri Lanka calls for Request for Proposals for the Foreign Currency Term Financing Facility

    මුදල් අමාත්‍යාංශයේ (MoF) වෙබ් අඩවියෙහි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) වෙබ් අඩවියෙහි පළ කර ඇති, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2021 සඳහා වන විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා  සඳහා වන ඉල්ලීම (Request for Proposal (RFP)) පහත දිගු මගින් ලබා ගත හැක.

  • CCPI based Inflation increased to 6.0 per cent in August 2021

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 5.7හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.0 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.5 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.5 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස 2021 ජූලි මාසයේ පැවති සියයට 4.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 4.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

  • Sri Lanka receives Special Drawing Rights (SDR) Allocation of International Monetary Fund (IMF) and the Initial Disbursements under the Currency Swap Arrangement with the Bangladesh Bank

    2021 වසරේ අගෝස්තු මාසයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය වි.ගැ.හි වෙන් කීරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශවික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබුණි.

    එ.ජ. ඩොලර් මිලියන 787කට සමාන වි.ගැ.හි වෙන් කිරීමක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු අතර, බංගලාදේශ බැංකුව සමඟ වන විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එ.ජ. ඩොලර් මිලියන 150ක් ලැබුණි.

  • NCPI based Inflation increased in July 2021

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජුනි මාසයේ පැවති සියයට 6.1හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 6.8 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තවද, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ දී පැවති සියයට 9.8හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 11.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජුනි මාසයේ පැවති සියයට 2.9හි සිට 2021 ජූලි මාසයේ දී සියයට 3.2 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජූලි මාසයේ දී සියයට 5.4හි නොවෙනස්ව පැවතුණි.

  • Use of Electronic Fund Transfer Cards (EFTCs) for Payments in Foreign Exchange

    ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.

    විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත් එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත මෙයින් දන්වා සිටිමු. කෙසේවෙතත්, ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව නිරීක්ෂණය කරන ලදි.

  • The Central Bank of Sri Lanka tightens its Monetary Policy Stance

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අගෝස්තු මස 18 වැනි දින පැවති රැස්වීමේදී  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මීට අමතරව,  බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2021 සැප්තැම්බර් 01 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ  කාලපරිච්ඡේදයේ සිට බලපැවැත්වෙන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 2.0කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. වැඩිදියුණු වූ ආර්ථික වර්ධන අපේක්ෂා මධ්‍යයයේ, ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවන්ට පිළියම් යෙදීමට සහ මැදි කාලීනව අධික උද්ධමන පීඩන ඇතිවීම වැළැක්වීම සඳහා මෙම තීරණ ගනු ලැබීය.

  • Licensed Banks have not been asked to “Devalue” the Sri Lanka Rupee

    බලපත්‍රලාභී බැංකු වලට වහාම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇති බවට පණිවිඩ හුවමාරු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර තිබේ.

    කෙසේ වෙතත් එවැන්නක් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, විනිමය අනුපාතය තීරණය කිරීමේදී මහ බැංකුව සිය ස්ථාවරයේ හෝ මෙහෙයුම් විධිවිධානයන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත් මහජනතාව වෙත මෙමගින් දැනුම් දෙනු ලැබේ.

    සමාජ හා සාම්ප්‍රදායික මාධ්‍ය හරහා සංසරණය වන අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරු මත රඳා නොසිටින ලෙස ද මහජනතාවට උපදෙස් දෙනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ඕනෑම නිල නිවේදනයක් අධිපතිවරයා , නියෝජ්‍ය අධිපතිවරයා හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි වෙනත් ඕනෑම බලයලත් නිලධාරියෙකු ගේ නම සහ තනතුරු මගින් හදුනාගත හැකිවන පරිදි නිකුත් කරනු ලැබේ.

  • Sri Lanka Purchasing Managers’ Index - July 2021

    2021 ජූලි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

    නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 ජුනි මාසයට සාපේක්ෂව දර්ශකාංක 7.4කින් තවදුරටත් ඉහළ යමින් 2021 ජූලි මාසයේදී 57.8ක අගයක් වාර්තා කරන ලදී.

    සේවා ක්‍රියාකාරකම්වල තවදුරටත් වර්ධනය වීමක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2021 ජූලි මාසයේ දී 55.7ක දර්ශක අගයක් දක්වා ඉහළ ගියේය.

  • External Sector Performance - June 2021

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් පුළුල් විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව, 2021 වසරේ ජූනි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණි. වසරේ මුල් භාගය සලකා බැලීමේ දී අපනයන අංශය හිතකර වර්ධනයක් වාර්තා කළ ද, ආනයන වියදම ඉහළ වේගයකින් වර්ධනය විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව 2021 වසරේ ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ පහළ ගිය අතර, සංචාරක අංශයේ ඉපැයීම් අවම මට්ටමක පැවතුණි. මූල්‍ය ගිණුම සැලකීමේ දී, මාසය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළඳපොළෙහි විදේශීය ආයෝජන ගෙවීම් සුළු ප්‍රමාණයක් වාර්තා විය. ශ්‍රී ලංකා රුපියල 2021 වසරේ ජූනි මාසයේ දී සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණි.

  • Closure of Public Relations Counters of Employees’ Provident Fund (EPF) Department of the Central Bank of Sri Lanka

    ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සම්බන්ධතා හා විමසීම් අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් කිහිපදෙනෙක් කෝවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගත් බැවින් කොළඹ කොටුව, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතෙහි ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ බිම් මහලෙහි පවත්වාගෙන ගිය සේ.අ.අ. දෙපාර්තමේන්තුවෙහි මහජන සේවා කවුළුව 2021.08.20 දින දක්වා වසා තැබෙන බව සියලුම සේවායෝජකයන්ට හා සාමාජිකයන්ට කාරුණිකව දන්වා සිටිමු.

    සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවෙහි අනෙකුත් සේවා හා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ. අනෙකුත් සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා පහත දැක්වෙන තොරතුරු පරිශීලනය කරන්න. නැතහොත් www.epf.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Pages