2017 මැයි මාසයේ දී සිදු කරන ලද 11 වැනි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් වූ ලැබීම් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙත වූ සැලකිය යුතු ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය. 2017 අප්‍රේල් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 5.0ක් වූ දළ නිල සංචිත 2017 මැයි මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 6.8ක් දක්වා ඉහළ යෑමට මෙම ලැබීම් හේතු විය. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් හුවමාරුව වෙත වූ අඛණ්ඩ ලැබීම් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය අඛණ්ඩ ව වර්ධනය විය. කෙ සේ වෙතත්, වෙළෙඳ හිඟය පුළුල් වීම සහ සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් මධ්‍යස්ථ මට්ටමක පැවතීම හේතුවෙන් ගෙවුම් තුලනයෙහි ජංගම ගිණුම මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පිළිබිඹු කළේ ය. අපනයන ආදායම අඛණ්ඩ ව තුන් වැනි මාසයටත් ඉහළ ගිය ද, ආනයන වියදමෙහි ඉහළ වැඩිවීම හේතුවෙන් වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය.
-
External Sector Performance – May 2017
-
New Primary Issuance System for Treasury Bonds
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා නව ප්‍රාථමික නිකුතු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. 2015 පෙබරවාරි මාසයේ සිට භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ක්‍රියාත්මක වූ සම්පූර්ණ වෙන්දේසි ක්‍රමය මත පදනම් වූ නිකුත් කිරීමේ ක්‍රමය වෙනුවට 2017 ජූලි 27 වැනි දින සිට මෙම නව ක්‍රමය බල පැවැත්වේ. නව ක්‍රමය හඳුන්වා දීමේ ප්‍රධාන පරමාර්ථය වනුයේ රජයේ දේශීය ණය ගැනීම්හි කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය තවදුරටත් වර්ධනය කිරීමයි.
නව ක්‍රමය, වඩා ව්‍යුහගත ක්‍රමයක් වන අතර ඊට ක්‍රමවත් ලෙස සැලසුම් කළ බැඳුම්කර නිකුතූන් ඇතුළත් වේ. සෑම මාසික නිකුතුවක දී ම විවිධ කල්පිරීම් කාල සහිත භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩ දෙකක් ඉදිරිපත් කෙරෙන අතර එම කාණ්ඩවල පරිණතීන් වෙළෙඳපොළ තුළ පවතින සම්පත් හා ගැලපීම අපේක්ෂා කෙරේ.
-
Statement Issued by the Central Bank of Sri Lanka on the Leakage of Customer Information by Hatton National Bank PLC
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කළ අතර, දැනට ලැබී ඇති තොරතුරු අනුව ගනුදෙනුකරුවන් 4,630කට අදාළ යම් බැංකු තොරතුරු අතපසුවීමකින් නිකුත් වී ඇති බව මහජනතාව වෙත දන්වා සිටී. තව ද, මෙම සිදුවීම හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට අදාළ තොරතුරු භාවිතය සහ කළමනාකරණය සම්බන්ධ අභ්‍යන්තර දුර්වලතා හේතු කොට ගෙන සිදු වී ඇති බව පෙනී යයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව මගින් තව දුරටත් පරීක්ෂණ සිදු කෙරේ.
ඒ අනුව, ඉහත සිද්ධියට අදාළ වගකිව යුත්තන්ට එරෙහි ව ක්‍රියා කිරීම සඳහා පවතින නීතිමය ප්‍රතිපාදන සහ අධීක්ෂණ සම්මුතීන්ට අනුව අතුරු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.
-
Inflation in June 2017
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 මැයි මාසයේ දී වාර්තා කළ සියයට 7.1 හි සිට 2017 ජූනි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේ ය. 2017 ජූනි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී පසුගිය මාසයේ දී පැවැති සියයට 6.1 හි නො වෙනස් ව පැවැතුණි.
-
The International Monetary Fund to Release the Third Tranche of US Dollars 167.2 million under the Extended Fund Facility
2016 ජූනි මස දී ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථක ව සම්පූර්ණ කරන ලද අතර විශේෂ ගැනුම් හිමිකම් මිලියන 119.894ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 167.2ක) වටිනාකමින් යුතු තුන් වැනි වාරිකය 2017 ජූලි 19 වැනි දින මුදා හැරීමට නියමිත ය.
-
46th Meeting of the Board of Directors of the Asian Clearing Union Colombo, Sri Lanka, July 12-13, 2017
ආසියානු නිෂ්කාශන සංගමයේ තාක්ෂණික කමිටුවේ රැස්වීම සහ ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2017 ජූලි මස 12 සහ 13 යන දිනයන්හි දී පැවැත් වූ අතර එහි සත්කාරක කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලදී.
ආසියානු නිෂ්කාශන සංගමයේ වර්තමාන සාමාජිකත්වය මහ බැංකු / මූල්‍ය අධිකාරීන් 9කින් සමන්විත වේ. බංගලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමයේ වර්තමාන සාමාජිකයින් වේ. ආසියානු නිෂ්කාශන සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය එම රටවල මහ බැංකු අධිපතිවරුන් / මූල්‍ය අධිකාරින්හි ප්‍රධානීන්ගෙන් සමන්විත වේ. ආසියානු නිෂ්කාශන සංගමයේ කාර්යයන් අධ්‍යක්ෂ මණ්ඩලයට වග කියනු ලබන මහ ලේකම්වරයෙකු යටතේ සිදු කරනු ලබන අතර එහි ලේකම් කාර්යාලය ඉරානයේ ටෙහෙරාන්හි පිහිටා ඇත.
-
SL Purchasing Managers’ Index Survey - June 2017
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූනි මාසයේ දී 56.1ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 මැයි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ යම් පමණකට වූ බලපෑම මත නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ පහළ යෑම 2017 ජූනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් මැයි මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වීමට හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම් තොග මට්ටම ඉහළ ගිය අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය සුළු වශයෙන් පහළ යන ලදී. කෙ සේ වුව ද, පසු ගිය මාසයේ දී වාර්තා කළ පහත වැටීමට සාපේක්ෂ ව සේවා නියුක්ති උප දර්ශකය මෙම මාසය තුළ දී ඉහළ යෑමක් පෙන්නුම් කරන ලදී. තව ද, සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී.
-
Monetary Policy Review - No. 4 of 2017
පවතින සහ වෙනස් වන දේශීය හා ජාත්‍යන්තර සාර්ව ආර්ථික වාතාවරණය සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 ජූනි මස 22 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.
මුදල් මණ්ඩලයෙහි මෙම තීරණය මැදි කාලීන ව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වා ගැනීමත් එ මගින් තිරසාර වර්ධන මාවතකට පහසුකම් සැලසීමත් යන අරමුණ හා අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා වූ පසුබිම පහත පරිදි වේ.
-
SAARCFINANCE Group Meeting and SAARCFINANCE Governors’ Symposium held in Colombo on 12 July 2017
සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සහ සාර්ක් මූල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් යුතු ව 2017 ජූලි මස 12 වැනි දින කොළඹ දී පවත්වන ලදි. සාර්ක් මූල්‍ය ජාලයේ 34 වැනි කණ්ඩායම් රැස්වීම සඳහා සාර්ක් කලාපයේ මහ බැංකු අධිපතිවරු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරු සහ සාර්ක් කලාපීය මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
-
20th Annual Meeting of the Asia/Pacific Group on Money Laundering in Colombo, Sri Lanka during July 17-21, 2017
මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිත දේශීය සහ විදේශීය ආරාධිතයන් 450කගේ පමණ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 17 සිට 21 දක්වා කොළඹ දී පැවැත්වේ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වේ.