LankaRemit නමින් හඳුන්වනු ලබන ජාතික ප්‍රේෂණ ජංගම යෙදුම (Mobile App) විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් එහි විශේෂාංගයන් හඳුන්වා දීමේ උත්සවයක් 2022 අගෝස්තු 26 වන දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. LankaRemit ජංගම යෙදුම, විදෙස්ගත ශ්‍රමිකයන්හට ශ්‍රී ලංකාව වෙත වේගවත්ව, ආරක්ෂිතව සහ වඩාත් පහසුවෙන් ප්‍රේෂණ එවීම සඳහා ප්‍රවේශයක් ලබා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකාක්ලියර් (පුද්ගලික) ආයතනයෙහි සහයෝගීතාවයෙන් LankaRemit ජංගම යෙදුම හඳුන්වා දුන් අතර එහි පළමු අදියර 2022 පෙබරවාරි මාසයේදී දියත් කරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැනි පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව LankaRemit ජංගම යෙදුම පිළිබඳව දේශීයව සහ ජාත්‍යන්තරව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරමින් සිටියි.








