වෙළෙඳ ශේෂයේ සැලකිය යුතු වර්ධනය සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ලැබීම් හේතුවෙන් 2017 වසරේ ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ යම් වර්ධනයක් පෙන්නුම් කෙරිණි. කාර්මික සහ කෘෂිකාර්මික අපනයනවල සැලකිය යුතු වර්ධනය සහ පාරිභෝගික හා අන්තර් භාණ්ඩ ආනයනය අඩු වීම, 2017 වසරේ ජූනි මාසයේ වෙළෙඳ ශේෂය කැපී පෙනෙන ලෙස වර්ධනය වීම සඳහා හේතු විය. මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ප්‍රධාන වශයෙන් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ලැබීම් මගින් පෙන්නුම් කෙරුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශ ආයෝජන ද මාසය තුළ දී ධනාත්මක ව පැවැතුණි. ජංගම ගිණුම වෙත වූ අනෙකුත් ප්‍රධාන ලැබීම්, සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු වීමත් සමඟ මධ්‍යස්ථ ව පැවැති අතර සංචාරක ඉපැයීම් ද මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළේ ය. මූල්‍ය ගිණුමේ හිතකර වර්ධනයන් සහ අපනයන ආදායම් ලැබීම්වල ක්‍රමික වර්ධනය විදේශීය විනිමය වෙළෙඳපොළ ස්ථාවර මට්ටමකට පත් කළ අතර එය වසර ආරම්භයට සාපේක්ෂ ව 2017 වසරේ ජූනි මස අවසානය වන විට දළ නිල සංචිත ඉහළ යෑම සඳහා හේතු විය.
-
External Sector Performance - June 2017
-
Appointment of a New Deputy Governor
මුදල් මණ්ඩලය විසින් ගරු මුදල් අමාත්‍යතුමාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සී ජේ පී සිරිවර්ධන මහතා 2017 අගෝස්තු මස 19 වැනි දින සිට නියෝජ්‍ය අධිපති තනතුර සඳහා පත් කර ඇත.
සී ජේ පී සිරිවර්ධන මහතා මහ බැංකුවෙහි වසර 31කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර ආර්ථික සහ මිල ස්ථායිතාව, මූල්‍ය පද්ධති ස්ථායිතාව සහ අනෙකුත් නියෝජිත කාර්යයන් පිළිබඳ ව විශේෂ පලපුරුද්දක් දරයි. සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර රාජ්‍ය ණය, තොරතුරු තාක්ෂණ, නීති හා අනුකූලතා, සාර්ව විචක්ෂණතා අධ්‍යයන, මානව සම්පත්, ප්‍රතිපත්ති සමාලෝචන සහ නිරීක්ෂණ, ගෙවීම් සහ පියවීම් සහ අවදානම් කළමනාකරණ යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපතිවරයා විය.
-
Inflation in July 2017
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ දී පසුගිය මාසයේ පැවැති සියයට 6.3 හි නො වෙනස් ව පැවැතුණි. 2017 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූනි මාසයේ දී වාර්තා වූ සියයට 6.1 හි සිට 2017 ජූලි මාසයේ දී සියයට 6.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.
-
SL Purchasing Managers’ Index Survey - July 2017
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2017 ජූලි මාසයේ දී 54.3ක දර්ශක අගයක් වාර්තා කරමින්, 2017 ජූනි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 1.8කින් පහළ යන ලදී. පසුගිය මාසයට සාපේක්ෂ ව නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීම කෙරෙහි පසුගිය මාසය තුළ එක් රැස් කර ගත් තොග භාවිතය හේතුවෙන් ගැනුම් තොග දර්ශකයේ පහළ යෑම මෙන් ම සේවය හැර යන ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ අපහසුතාව හේතුවෙන් සේවා නියුක්ති උප දර්ශකය පහළ යෑම ද බලපාන ලදි. නව ඇණවුම් සහ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශක අඩු වේගයකින් වර්ධනය වූ අතර නිෂ්පාදන උප දර්ශකය පසුගිය මාසයේ වාර්තා කළ මට්ටමේ ම පැවැතුණි. කෙ සේ වුව ද, සියලු ම උප දර්ශක කඩයිම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදි. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි.
-
Views of the Central Bank of Sri Lanka on the National Payment Platform
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) හා ටෝටල් පේ ආයතනය පිළිබඳ ව මාධ්‍ය මගින් පළ වූ තොරතුරු සහ ජාතික ගෙවීම් වේදිකාව සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා දීම සඳහා පොදු මහජනතාවට කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.
-
Regulatory Action on a Primary Dealer - Pan Asia Banking Corporation PLC
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, 2017 අගෝස්තු මස 14 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සීහි ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2017 අගෝස්තු මස 15 වැනි දින පෙරවරු 10.00 සිිට බල පැවැත්වෙන පරිදි මාස හයක (6) කාල සීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කරන ලදි.
පෑන් ඒෂියා බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සමඟ සිදු කරන ලද ගනුදෙනුවලට අදාළ ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද විමර්ශන මත පදනම් ව මෙම නියාමන ක්‍රියාමාර්ගය ගෙන ඇත.
-
Concessions on Loans Granted to Flood Affected Borrowers
මෑත දී ඇති වූ ගංවතුර, අයහපත් කාලගුණික තත්ත්ව සහ ඊට සම්බන්ධ සිද්ධීන් නිසා හානියට පත් ණය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර කටයුතු යළි නඟා සිටුවීම හා ජීවන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරලීම උදෙසා ඒ ඒ අවස්ථානුකූල ව සහන ලබා දීමට සියළු ම බලපත්‍රලාභී බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී ඇත.
ඒ අනුව බැංකුවලට පහත අයුරින් කටයුතු කළ හැක.
- 2017 මැයි මස 25 වැනි දින තෙක් පැවැති සක්‍රීය ණය පහසුකම් සඳහා මාස 3කට නො වැඩි සහන කාලයක් එකී ගනුදෙනුකරුවන් වෙත ලබා දීම
- එම කාලයට අදාළ දඩ පොලී කපා හැරීම
මහ බැංකුවට දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව එම ගංවතුර තත්ත්වයෙන් හානියට පත් වූ ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් මේ සම්බන්ධ ව දැනුම්වත් වී නොමැති බැවින් මෙම සහන ලබා ගෙන නැත. එම නිසා අදාළ ගනුදෙනුකරුවන් තමාගේ ළඟ ම ඇති බැංකු ශාඛාවෙන් මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු ලබා ගන්නා මෙන් දන්වා සිටී.
-
The Financial Intelligence Unit-Sri Lanka enters into Memorandum of Understanding with the Financial Intelligence Unit of the Kingdom of Bhutan and China AML Monitoring and Analysis Centre
2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතාන සහ චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ 2017 ජූලි 17 - 21 දිනයන්හි දී කොළඹ දී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුවේ දී අවබෝධතා ගිවිසුම්වලට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ සහ නඩු පැවරීම්වලට අදාළ මූල්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළඹීමේ මූලික පරමාර්ථය වේ. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය එච් අමරතුංග මහතා චීන මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලුවෝ යුබිං මහත්මිය සහ භූතාන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානි නාජෝ ඩෝජි මහතා සමඟ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබන ලදී.
-
Monetary Policy Review - No. 5 of 2017
දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 අගෝස්තු මස 2 වැනි දින පැවැති රැස්වීමේ දී මුදල් මණ්ඩලයෙහි අදහස වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේ ය.
ඉහත තීරණය ගැනීමෙහි ලා පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය මෙන් ම මැදකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබී ය.
-
20th Annual Meeting of the Asia/Pacific Group on Money Laundering, Colombo, Sri Lanka, July 15-21, 2017
මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ විසි වැනි වාර්ෂික සමුළුව සාමාජික රටවල් 41ක නියෝජිතයන් 408ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජිතයන් 24කගේ සහභාගීත්වයෙන් 2017 ජූලි මස 15 සිට 21 දක්වා කොළඹ දී පවත්වන ලදි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන් සහභාගී විය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සහ වංචා හා දූෂණ ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් වැරැදි ක්‍රියා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ජාතික වශයෙන් කැප වී ක්‍රියා කරන බවට අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමන් මෙහි දී අවධාරණය කරන ලදි. තව ද, මේ සඳහා කැප වී වැඩ කරන දේශීය මෙන් ම විදේශීය පාර්ශ්වයන් අතර ශක්තිමත් සහයෝගීතාවක් පවත්වා ගැනීමේ ඇති අවශ්‍යතාව ද අතිගරු ජනාධිපතිිතුමන් විසින් මෙහි දී අවධාරණය කෙරිණි.








