ගෙවීම් පහසුකම්

මහජනතාවට සිය අරමුදල් සඳහා ප්‍රවේශවීමට පහසුකම් සැලසීම සඳහා පහත අනුමැතියන් ලබා දෙන ලදී.

2020 ජුනි 04: ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල මගින් නිකුත් කර ඇති ප්‍රතිලාභ ගෙවීමේ චෙක්පත් වල වලංගු කාලය 2020 ජුනි 30 දක්වා දීර්ඝ කරන ලදී.

2020 මැයි 15: රුපියල් 500,000 ට අඩු වටිනාකම් සහිත චෙක්පත්වල වලංගු කාලය දීර්ඝ කරන ලදී.

2020 අප්‍රේල් 06: බැංකුවල පොදු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමේදී ගෙවිය යුතු අමතර ගාස්තුවලින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නිදහස් කිරීම සඳහා රජයෙන් කරන ලද ඉල්ලීම අනුව මුල්‍ය ආයතන වෙත උපදෙස් නිකුත් කරන ලදී.

2020 අප්‍රේල් 04: ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙත ගොස් මුදල් ලබා ගැනීමේ අපහසුතාව සලකා නිවසටම ගෙන ගොස් මුදල් ලබාදීමට වාණිජ බැංකුවකට අනුමැතිය ලබා දෙන ලදී.

2020 අප්‍රේල් 02: මෙම කාලසීමාව තුළදී ප්‍රතිලාභීන් වෙත විදේශයන් හි සිට එවන ලද මුදල් නිවසටම ගොස් ලබාදීමට එම සේවා සපයන්නෙකුට අනුමැතිය ලබා දෙන ලදී.

මෙයට අමතරව, රට තුළ ගමනාගමනය සඳහා සීමා පනවා තිබු කාල සීමාව තුළදී, තවදුරටත් ඩිජිටල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා යම් යම් සීමාවන්ට යටත්ව ක්‍රියාත්මක වීමට ජංගම යෙදුම් පදනම් කරගත් ගෙවීම් නිෂ්පාදන කිහිපයකට අනුමැතිය ලබා දෙන ලදී.

 

වෙනත්

2020.03.18  පුවත්පත් නිවේදන    රජය විසින් ප‍්‍ර‍්‍රකාශයට පත් කර ඇති විශේෂ නිවාඩු දින කිහිපය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු බාධාවකින් තොර ව පවත්වාගෙන යෑම සඳහා ගනු ලැබ ඇති ක‍්‍ර‍්‍රියාමාර්ග