විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2024 මාර්තු

2022 වසරේ අගෝස්තු මාසයේ සිට වාර්තා වූ ඉහළම ඉපැයීම් වාර්තා කරමින් අපනයන ඉපැයීම්වල සිදු වූ කැපී පෙනෙන වර්ධනය වෙළඳ හිඟය 2024 වසරේ මාර්තු මාසයේ දී, (වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත), පහළ යෑම සඳහා උපකාරී විය

මූලිකවම සංචාරක ඉපැයීම්ද ඇතුළුව, 2024 වසරේ මාර්තු මාසයේ දී සේවා අංශය වෙත කැපී පෙනෙන ලැබීම් ප්‍රමාණයක් වාර්තා වූ අතර, මුහුදු ප්‍රවාහන (භාණ්ඩ) සේවා අංශය වෙතින්ද සැලකිය යුතු ලැබීම් ප්‍රමාණයක් වාර්තා විය.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැඩි වශයෙන් වාර්තා වන කාලපරිච්ඡේදයක් වන බැවින් 2024 වසරේ මාර්තු මාසයේ දී එම ප්‍රේෂණ ඉහළ මට්ටමක පැවතුණි.

කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත වූ විදේශීය ආයෝජන 2024 වසරේ මාර්තු මාසයේ දී ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

2024 වසරේ මාර්තු මාසයේ දී දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 5.0ක් වූ අතර, එය 2023 වසර අවසානයේ දී වූ එ.ජ. ඩොලර් බිලියන 4.4ට සාපේක්ෂව කැපීපෙනෙන වැඩිවීමකි.

2024 වසරේ මාර්තු මාසයේ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කැපීපෙනෙන අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, April 30, 2024