ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති ‍පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගනියි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 ඔක්තෝබර් මස 01 වැනි දින පැවැති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේ ය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය  (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. 

මැදිකාලීන ව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී කිරීම මගින් ආර්ථික වර්ධනයට සහාය  වීමේ අරමුණ ඇති ව දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය ඉහත තීරණයට එළඹී ඇත.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, October 2, 2018