ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 මාර්තු

රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වඩා ඉහළ වේගයකින් යථාතත්වයට පත්වීම පිළිබිඹු කරමින්, 2021 මාර්තු මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 67.0ක් ලෙස මාස 9ක් තුළ ලබාගත් ඉහළම අගය වාර්තා කරන ලදී. නිෂ්පාදනය, නව ඇණවුම් සහ තොග මිලදී ගැනුම්  උප දර්ශකවල ඉහළ යාම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය. විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග නිෂ්පාදන සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශවල නව ඇණවුම් සහ නිෂ්පාදනය උප දර්ශක වල සිදුවූ සැලකිය යුතු වැඩි වීම සමස්ත දර්ශකයේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක විය. අලුත් අවුරුදු උත්සව සමය ආසන්නවත්ම විකුණුම් මෙන්ම නිෂ්පාදනය ඉහළ ගිය බව ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ බොහෝ ප්‍රතිචාර දක්වන්නන් විසින් සඳහන් කරන ලදී. තවද, ඉදිරි උත්සව සමය වෙනුවෙන් ලබාදෙන නිවාඩු දින ආවරණය කිරීම සඳහා මෙම මාසයේදී සිය නිෂ්පාදනය වැඩි කළ බව රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කරන ලදී.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, April 15, 2021