ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2020 දෙසැම්බර්

රටේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථාවත් වීම හේතු කොට ගෙන නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව 2020 දෙසැම්බර් මාසයේ දී 61.2ක අගයක් වාර්තා කරමින් තවදුරටත් ඉහළ ගියේ ය. නිෂ්පාදනය, නව ඇණවුම්, සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් උප දර්ශකවල දක්නට ලැබුණු ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, January 15, 2021