ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100)ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 ජනවාරි මාසයේ පැවති සියයට 7.6හි සිට 2020 පෙබරවාරි මාසයේ දී සියයට 8.1 දක්වා ඉහළගියේ ය. 2019 පෙබරවාරි මාසයේ පැවති පහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. තව ද, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 පෙබරවාරි මාසයේ දී සියයට 16.3හි පැවති අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.1හි පැවතුණි.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, March 23, 2020