2019 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළඳ හිඟයේ පහළ යෑම හේතුවෙන් 2019 වසරේ මැයි මාසයේදී විදේශීය අංශය සාපේක්ෂ වශයෙන්  ස්ථාවරව  පැවතුණි. 

වෙළඳ හිඟය 2018 වසරේ මැයි මාසයේදී පැවති එ.ජ. ඩොලර් මිලියන 933 සිට 2019 වසරේ මැයි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 823 ක් දක්වා අඩු විය.

2019 වසරේ මැයි මාසයේදී වෙළඳ හිඟයේ සැලකිය යුතු පහළ යෑම සඳහා ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 3.9 කින් පහළ යෑම සහ අපනයන ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 4.0 කින් ඉහළ යෑම  හේතු විය. 

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බලපෑම පිළිබිඹු කරමින්, මැයි මාසයේ  සංචාරක ඉපැයීම්, පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 70.8 ක පහළ යෑමක් වාර්තා කළේය. කෙසේ වුවත්, ජූනි මාසයේදී සංචාරක පැමිණීම් සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්වෙමින් 2019 වසරේ මැයි මාසයේදී වාර්තා වූ සංචාරක පැමිණීම් මෙන් දෙගුණයකට ආසන්න පැමිණීම් ප්‍රමාණයක් වාර්තා කළේය.

2019 වසරේ මැයි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2018 වසරේ මැයි මාසය සමඟ සැසඳීමේදී එ.ජ. ඩොලර් මිලියන 562 ක්  දක්වා සියයට 3.1 කින් පහළ ගියේය. සමුච්චිත පදනම මත, 2019 වසරේ පළමු මාස පහ තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, එ.ජ. ඩොලර් මිලියන 2,733 ක් විය.

 

සම්පුර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, July 17, 2019