2019 ජූනි මස උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)1 ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන්, 2019 මැයි මාසයේ පැවති සියයට 3.5 හි සිට 2019 ජුනි මාසයේ දී සියයට 2.1 දක්වා පහළ ගියේය. මේ අතර, 2019 ජුනි මාසයේ දී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට -0.4 හි සහ සියයට 6.7 හි සිට සියයට -2.9 සහ සියයට 6.2 දක්වා පහළ යන ලදී.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 ජුනි මාසයේ දී සියයට 2.0 හි නොවෙනස්ව පැවතුණි.

මාසික වෙනස් වීම සලකා බැලීමේදී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිලගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, 2019 ජුනි මාසයේදී ජා.පා.මි.ද. සියයට 0.4 කින් ඉහළ ගියේය. ආහාර කාණ්ඩයෙහි මාළු, ලොකු ළූණු, අමු මිරිස්, රතු ළූණු සහ සහල් මිලගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයෙහි ප්‍රවාහන; සහ ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩයන්හි අයිතමවල මිලගණන් ද මෙම මාසය තුළ දී ඉහළ ගියේය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2019 මැයි මාසයේ පැවති සියයට 6.3 හි සිට 2019 ජුනි මාසයේ දී සියයට 6.1 දක්වා පහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2019 මැයි මාසයේ පැවති සියයට 4.0 හි සිට 2019 ජුනි මාසයේ දී සියයට 4.4 දක්වා ඉහළ ගියේය.

 සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, July 22, 2019