මුදල් මණ්ඩලය

ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියලු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණ්ඩලය වගකිව යුතු ය. 

මහ බැංකු මුදල් මණ්ඩලය සාමාජිකයින් පස් (5) දෙනෙකුගෙන් සමන්විත ය.

 අධිපති

 මුදල් අමාත්‍යාංශයේ ලේකම් (නිල බලයෙන්)

 විධායක නො වන සාමාජිකයින් තිදෙනෙකු (3)

අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කිරීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. අධිපතිගේ සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින්ගේ නිල කාලය අවුරුදු හය (6) කි. මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සාමාජිකයින් තිදෙනෙකුගෙන් (3) යුතු ගණපූරණයක් තිබිය යුතු ය. මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීම සඳහා සාමාජිකයින් තිදෙනෙකුගේ (3) අනුමැතිය අවශ්‍ය වේ. කෙ සේ වුවත් ඒකමතික තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විටක දී සාමාජිකයින් පස් (5) දෙනාගේ ම අනුමැතිය අනිවාර්ය වේ.

 

මුදල් මණ්ඩලයේ සාමාජිකයන්

 

 

 

 

 

ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ

අධිපති

මුදල් මණ්ඩලයේ සභාපති

කේ. එම්. එම්. සිරිවර්ධන

භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම්

නිල සාමාජික

 

ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන

පත් වූ සාමාජික

ආචාර්ය රාණි ජයමහ මහත්මිය

පත් වූ සාමාජික

නිහාල් ෆොන්සේකා

පත් වූ සාමාජික

 

මුදල් මණ්ඩල අනුකමිටු

මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුව

මුදල් මණ්ඩල උපදේශන කමිටුව (AAC) යනු මුදල් මණ්ඩලයේ අනුකමිටුවකි.  ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ සේවක අර්ථසාධක අරමුදලෙහි මූල්‍ය වාර්තාකරණය, අභ්‍යන්තර පාලනය සහ අවදානම් කළමනාකරණ පද්ධති, අනුකූලතාව, අභ්‍යන්තර විගණනය, බාහිර විගණනය සහ මුදල් මණ්ඩලය විසින් පවරනු ලබන වෙනත් ඕනෑම කටයුත්තක් සමාලෝචනය කිරීම සහ මුදල් මණ්ඩලය වෙත නිර්දේශන සැපයීම එහි කාර්යභාරය සහ වගකීම් වේ. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් මුදල් මණ්ඩලය සහ මුදල් මණ්ඩල උපදේශන කමිටුව වෙත කෘත්‍යාත්මක වාර්තා කරනු ලැබේ.

  • කමිටුවේ සභාපති ලෙස මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජිකයෙකු
    • ආචාර්ය රාණි ජයමහ
  • මුදල් මණ්ඩලය විසින් නම් කරනු ලබන බාහිර සාමාජිකයන් දෙදෙනෙකු
    • ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා
    • අනූෂා මොහොට්ටි මිය

මෙම මුදල් මණ්ඩල උපදේශන කමිටුවට ඇතුළත් වේ.

අවදානම් අධීක්ෂණ කමිටුව

අවදානම් අධීක්ෂණ කමිටුව (Board Risk Oversight Committee - BROC) විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවදානම් කළමනාකරණයට අදාළ වන අංශ පිළිබඳ මුදල් මණ්ඩලය වෙත නිර්දේශ සපයනු ලබන අතර, අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව පරිපාලනමය කරුණු සඳහා හැරුණු කොට අවදානම් අධීක්ෂණ කමිටුව වෙත වාර්තා කරයි.

අවදානම් අධීක්ෂණ කමිටුවට;

  • කමිටුවේ සභාපතිවරයා ලෙස මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජිකයෙකු
    • ජනාධිපති නීතීඥ, සංජීව ජයවර්ධන මහතා
  • මුදල් මණ්ඩලය විසින් නම් කරන ලද බාහිර සාමාජිකයන් දෙදෙනෙකු
    • නයෝමාල් ගුණවර්ධන මහතා
    • සුසන්ත රත්නායක මහතා

යන පුද්ගලයන් ඇතුළත් වේ.

ආචාර ධර්ම කමිටුව

ආචාර ධර්ම කමිටුව (Ethics Committee - EC) ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර ධර්ම පරිසරය තුළ, එනම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර ධර්ම සංග්‍රහය සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් හා මුදල් මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන/අනු කමිටුවල සාමාජිකයින් තුළ පිහිටුවා ඇත. ආචාර ධර්ම කමිටුවේ කාර්යයන්වලට ආචාර ධර්ම සංග්‍රහයට අදාළ මත ඉදිරිපත් කිරීම්, පැහැදිලි කිරීම් සහ මාර්ගෝපදේශ සැපයීම් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීම් නිර්ණය කිරීම ඇතුළත් වේ.

ආචාර ධර්ම කමිටුවට;

  • කමිටුවේ සභාපතිවරයා ලෙසට මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජිකයෙකු
    • ජනාධිපති නීතීඥ, ආචාර්ය සංජීව ජයවර්ධන මහතා
  • මුදල් මණ්ඩලය විසින් නම් කරන ලද බාහිර සාමාජිකයෙකු
    • මහාචාර්ය අජන්ත එස්. ධර්මසිරි මහතා

යන පුද්ගලයන් ඇතුළත් වේ.