ප්‍රති මිලදී ගැනුම් අනුපාතිකය: නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති මිලදී ගැනුම් ගනුදෙනුවලදී අදාළ වන දෛනික පොලී අනුපාතිකය.
ප්‍රති විකුණුම් අනුපාතිකය: නිත්‍ය පහසුකම් යටතේ මහ බැංකුව හා වාණිජ බැංකු අතර කෙරෙන ප්‍රති විකුණුම් ගනුදෙනු වලදි අදාළ වන දෛනික පොලී අනුපාතිකය.
බැංකු අනුපාතිකය: වාණිජ බැංකුවල තාවකාලික ද්‍රවශීලතා අරමුණු ඉටුකර ගනු වස් මහ බැංකුව අත්තිකාරම් ප්‍රදානය කිරීමේ දී ඒ ස ඳහා පැනවෙන පොලී අනුපාතිකය.
ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා: වාණිජ බැංකු විසින් තම රුපියල් තැන්පතු වගකීම්වලින් මහ බැංකුවෙහි තැන්පතුවක් ලෙස පවත්වාගෙන යා යුතු ප්‍රමාණය.