|
 |
|
|
 |
දැනුවත්කරවීමේ වැඩසටහන්
බැංකුවේ වෙනත් දෙපාර්තමේන්තුවල ද සහාය ඇතිව සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබයි.
පාසැල් ළමුන් සහ ගුරුභවතුන් සඳහා සම්මන්ත්රණ
පාසැල්වලින් කරනු ලබන ඉල්ලීම් මත, ඔවුන් විසින් තම පාසැල් පරිශ්රයන්හී සංවිධානය කරනු ලබන ආර්ථික විද්‍යාව හා මූල්‍යකරණයට අදාල වැඩසටහන් සඳහා සන්නිේවදන දෙපාර්තමේන්තුව විසින් සම්මන්ත්රණ මෙහෙයවනු ලැබේ. මෙවැනි වැඩසටහන් සඳහා බැංකුව සහභාගීවන්නේ නම් අවම වශයෙන් 200 ට වඩා පිරිසක් සහභාගිවන වැඩසටහනක් විය යුතුය. මුදල් කෞතුකාගාරය නැරඹීමට කණ්ඩායම් වශයෙන් පැමිණෙන අය සඳහා ද සම්පත් දායකයන් ලබා ගැනීමට ඇති හැකියාව මත මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
ප්‍රදර්ශන සහ වෙළෙඳසල්පිල්
මහ බැංකුවේ අරමුණු හා කාර්යයන් පිළිබඳ ජනතාව තුළ ඇති දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මහ බැංකුව විසින් විවිධ ප්‍රදර්ශනවලට සහ වෙළෙඳ සල්පිල්වලට සහභාගි වෙයි. මුදල් කෞතුකාගාරය, සේවක අර්ථසාධක අරමුදලේ තොරතුරු කවුළුව සහ බැංකු ප්‍රකාශන අලෙවි කුටි පැවැත්වීම එහි අංග කිහිපයකි. |
|
|
 |
|