බැංකු විදු පියස
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු විදු පියස සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින නාගරික පෙදෙසක්වන රාජගිරියෙහි නව පාර්ලිමේන්තු සංකීර්ණය තෙක් දිවෙන ශ්‍රී ජයවර්ධනපුර අධිවේගී මාර්ගයට යාබදව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලය පිහිටි කොළඹ කොටුවේ සිට කි.මි. 7 ක් දුරින් පිහිටා ඇත. සම්මන්ත්‍රණ ශාලාවක්, ශ්‍රවණාගාර, පුහුණු පාඨමාලා කාමර, පරිගණක පුහුණු රසායනාගාර, පුස්තකාලයක් හා අවන්හලින් සමන්විත බැංකු විදු පියස අති නවීන පුහුණු පහසුකම්වලින් හා ආධාරක සේවාවලින් පරිපූර්ණය. එහි වාහන 50 ක් පමණ නවතා තැබීමේ පහසුකම් තිබේ.
මූල්‍ය ක්ෂේත්‍රයෙහි ඇතිවන නව්‍යතාවන් හා තාක්ෂණික උද්දීපනය හරහා මතු වන නව අභීයෝගවලට මුහුණ දිය හැකි ශක්‍යතාවයන්ගෙන් එකී ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් පරිපූර්ණ කිරීමත් පුද්ගලයන් උදෙසා අංග සම්පුර්ණ පුහුණුවීම් අවස්ථා ලබාදීමත් බැංකු විදු පියසේ මුලික අභිප්‍රාය වන්නේය. මෙකී අභියෝග සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් බැංකුකරණය, මූල්‍ය රෙගුලාසි හා මූල්‍ය පරිපාලනය, සාර්ව ආර්ථික විද්‍යාව, මූල්‍ය අංශයේ සංවර්ධනය, කළමනාකරණය, භාෂා හා තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනය ආදී ක්ෂේත්‍ර ආවරණය කෙරෙන පුහුණු පාඨමාලා විශාල ප්‍රමාණයක් බැංකු විදු පියස විසින් මෙහෙයවනු ලබයි.
2013 වසර සඳහා බැංකු විදු පියසේ කේන්ද්‍ර පුහුණු වැඩසටහන් දින දර්ශනය >>
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ / පුහුණු වැඩසටහන්
දැනට නොමැත
ප්‍රසිද්ධ දේශන
දැනට නොමැත
වැඩිදුර විස්තර සඳහා - "බැංකු විදු පියස " >>
|