|
වෙනත් ප්‍රකාශන
මහ බැංකුවේ නවතම අධ්‍යාපනික ප්‍රකාශන
පොලී අනුපාත-සිද්ධාන්ත සහ පරිචය
ඉහත තේමාව යටතේ ආචාර්ය ඩබ්. එම්. හේමචන්ද්‍ර මහතා විසින් ඉංග්‍රීසි බසින් රචිත මෙම පොත ශ්‍රී ලංකාවේ පොලී අනුපාත සහ ඒවායේ යෙදවුම් පිළිබඳ සිද්ධාන්තමය විශ්ලේෂණයක් සපයන මාහැඟි ග්‍රන්ථයකි. එය විශ්වවිද්‍යාල සිසුනට, අනෙකුත් විද්‍යාර්ථීන්ට, විශ්ලේෂකයන්ට, පර්යේෂකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අත්වැලක් සපයන්නක් මෙන් ම මෙම විෂයය හැදෑරීමේ දී සිසුනට නිතර පැනනඟින ගැටලු නිරාකරණය කරගැනීම සදහා මග පෙන්වන්නක් ද වෙයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනයකි.
තවත් විස්තර >>
ආර්ථික විද්‍යා මූලධර්ම සහ ප්‍රතිපත්ති (සිංහල මාධ්‍යයෙන් පමණයි)
මෙම ග්‍රන්ථය තුලින් ආර්ථිකයක ක්ෂුද්‍ර, සාර්ව, මූල්‍ය, රාජ්‍ය සහ විදේශීය යන සෑම අංශයකම ක්‍රියාකාරිත්වයට අදාල ප්‍රධාන මූලධර්ම සහ ප්‍රායෝගික කරුණු මෙන්ම විශ්ලේෂණ ක්‍රමයන්ද ඉතාමත් සරල බස් වහරක් යොදාගෙන පියවරින් පියවර ඉදිරිපත් කොට ඇති බැවින් මෙම ග්‍රන්ථය පරිශීලණය ඉතාමත් පහසුය. එබැවින්, මෙය අ.පො.ස. උසස් පෙළ, විශ්ව විද්‍යාල සහ වෘත්තීමය පාඨමාලාවන්හි ආර්ථික විද්‍යාව සහ මූල්‍ය විෂයන් හදාරණ සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ උගතුන්ට ඉතා ප්‍රයෝජනවත් ආර්ථික විද්‍යා ග්‍රන්ථයකි.
තවත් විස්තර >>
නව මුදල් නෝට්ටු කාණ්ඩයෙහි නිර්මාණාත්මක සහ ආරක්ෂණ ලක්ෂණ පිලිබඳ අන්තර් ක්‍රියාකාරිත්ව CD පටයකි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ නව මුදල් නෝට්ටු කාණ්ඩයෙහි නිර්මාණාත්මක සහ ආරක්ෂණ ලක්ෂණ පිලිබඳ මහජනතාවගේ සහ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමේ ලා සැකසුනු ත්‍රිභාෂාත්මක අන්තර් ක්‍රියාකාරිත්ව CD පටයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව තම 11 වන මුදල් නෝට්ටු කාණ්ඩය " සොභාග්‍යය, සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් " යන තේමාව යටතේ 2011 පෙබරවාරි 04 වන දින බුත්තල දී පැවති දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී නිකුත් කළේය.
මූලික ආර්ථික විද්‍යා මූලධර්ම විග්‍රහය (සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පමණයි)
ආර්ථිකයක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය අවබෝධයට සහ විග්‍රහයට පාදක වන මාතෘකා මූලිකව පදනම් කරගෙන මෙම කෘතිය සැකසී ඇත. ආර්ථිකයක ක්‍රියාකාරී පදනම, පාරිභෝගික හා නිෂ්පාදක හැසිරීම, භාණ්ඩ හා සේවා වෙළෙ
පොළවල්, සාර්ව ආර්ථික කටයුතු මැනීම, ආර්ථික සමතුලිතතාවය, මුදල් සහ බැංකු, විදේශ වෙළෙඳාම, මුදල් සහ ගෙවුම් ශේෂය, රාජ්‍ය මූල්‍ය සහ අයවැය ප්‍රතිපත්තිය, මූලික සාර්ව ආර්ථික දර්ශක සහ වත්මන් ලෝක මූල්‍ය අර්බුදය යනාදිය මූලික මාතෘකා වෙති. එබැවින්, මෙම කෘතිය අ.පො.ස. උසස් පෙළ, විශ්ව විද්‍යාල සහ වෘත්තීය පාඨමාලා හදාරණ සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ද ඉතා ප්‍රයෝජනවත් විමර්ශන ග්‍රන්ථයක් වනු ඇත.
තවත් විස්තර >>
පහසුවෙන් සිටින්
උද්ධමනයේ කතාව |
 |
මෙම චිත්‍රකතාව තුළින්<
උද්ධමනය යනු කුමක් ද
උද්ධමනයට හේතු මොනවා ද
පුද්ගලික මට්ටමින් සහ පොදුවේ ආර්ථිකයට උද්ධමනය බලපාන්නේ කෙසේ ද
උද්ධමනය පාලනය කර ගත හැක්කේ කෙසේ ද
උද්ධමනය මනින්නේ කෙලෙසින් ද
යන ගැටළුවලට ඉතා සරල ආකාරයකින් පිළිතුරු සපයයි
මෙය කියවන්න >> |
මුදල් ගනුදෙනු, බැංකු සහ ආර්ථිකය (සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පමණයි)
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය, මුදල්, මුදල් ප්‍රතිපත්තිය, මූල්‍ය වෙළෙඳපොළ, විදේශ විනිමය වෙළෙඳපොළ, වාණිජ බැංකු කටයුතු, බැංකු අධීක්ෂණය, මහ බැංකු කටයුතු මෙන් ම වර්තමාන ගෝලීය මූල්‍ය සහ ආර්ථික අර්බුද වැනි මූලික මූල්‍ය විෂයයන් පිළිබඳ ව ශාස්ත්‍රීය විග්‍රහයක් මෙම පොතට ඇතුළත් ය. එම විෂයයන්වල න්‍යායාත්මක සහ ප්‍රායෝගික අංශ ආවරණය කරමින් සරල බමින් මෙම ග්‍රන්ථය ලියා ඇත. එම නිසා, මූල්‍ය කටයුතු සහ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා අ පො ස (උ පෙ), වෘත්තීය පාඨමාලා සහ විශ්වවිද්‍යාල සිසුන්ට ද ගුරුවරුන්ට ද එ මෙන් ම විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ද මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ.
තවත් විස්තර >>
60 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද ප්‍රකාශන
ප්‍රත්‍යාවලෝකනය - විඩා නිවුම් පුස්තකය
මෙම ඉතාමත් වැදගත් අවස්ථාව සනිටුහන් කිරීමට නිකුත් කරන ලද ප්‍රත්‍යාවලෝකනය නම් විඩා නිවුම් පුස්තකය මහ බැංකුව එහි ආරම්භයේ සිට එ නම් 1950 වසරේ සිට තම කාර්යයන් ඉටු කරමින් පැමිණි දර්ශනීය සාමාජයීය, දේශපාලනික සහ ආර්ථික පසුබිම දෙස මොහොතක් බැලීමට කවුළුවක් සපයයි.
තවත් විස්තර>>
ආවස්ථික පත්‍රිකා මාලාව
ප්‍රකාශන ලෙස එළිදක්වන ලද බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රයේ පැවැත්වුනු ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ
දැනට තිබෙන ආවස්ථික පත්‍රිකා ලැයිස්තුව >>
ප්‍රවේණිය කෘති මාලාව
එක් එක් ප්‍රදේශවල විශේෂිත ස්ථාන පිළිබඳව මහජනතාවගේ දැනුම වර්ධනය කරනු වස් ප්‍රාදේශීය සංවර්ධනය බැංකු සමඟ එක්ව ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන මාලාවකි. ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් ඇත.
සම්මන්ත්‍රණ පත්‍රිකා
කලාපීය ගෙවීම් ක්‍රමයක ඇරඹුමක් කරා - SAARC සම්මන්ත්‍රණ පත්‍රිකා >>
මහ බැංකුකරණය හා මුල්‍ය වෙළෙඳපොළ - ශ්‍රී ලංකා මහ බැංකු ජාත්‍යන්තර පර්යේෂන සමාරම්භක සම්මන්ත්‍රණයට ඉදිරිපත් කළ පත්‍රිකා
|