|
 |
|
|
 |
ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රධාන පරමාර්ථ වන ආර්ථික හා මිල ස්ථායීතාවයට හා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයට අදාලව ප්‍රාථමික මෙන්ම ද්විතීයික මූලාශ්‍ර යන ද්වයෙන්ම තොරතුරු එක්රැස් කොට බෙදාහරිනු ලබයි. එකිනෙක මාතෘකාවට අදාලව සහ අවශ්‍ය සියලු දත්ත ලබා ගැනීමට ඇති හැකියාවට යටත්ව මෙම සංඛ්‍යා වාර්ෂිකව, ත්‍රෛමාසිකව, මාසිකව, සතිපතා සහ දෛනිකව බෙදාහරිනු ලැබේ. නිල සංඛ්‍යා එක්රැස් කිරීමේ දී හා බෙදා හැරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තරව පිළිපැදි ප්‍රමිතීන් හා සංකේත භාවිතා කරනු ලබයි. තොරතුරු බෙදාහැරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන මඟින් මෙන්ම මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ද සිදුකරනු ලබයි.
බැංකුව මඟින් බෙදාහරින ලද සංඛ්‍යාන දත්තයන් ප්‍රකාශන වෙබ් පිටුවෙහි PDF අනුරුවින් යුතුව ලබා ගැනීමට ඇත.මීට අමතරව ආර්ථිකයේ විවිධ අංශවලට අයත් නව දත්ත මුල් පිටුවේ සඳහන් මෑත කාලීන ආර්ථික දර්ශක යටතේ දක්වා ඇති සතිපතා ආර්ථික දර්ශක සහ මාසික ආර්ථික දර්ශක මඟින් බෙදා හරිනු ලබයි. ප්‍රාථමික මුලාශ්‍ර ලෙස බැංකුව බෙදා හරිනු ලබන ප්‍රධාන සංඛ්‍යාන දත්ත මාලාවක් ලෙස Ms Excel අනුරුවින් ඇති අතර ඒවා වාර්ෂිකව යාවත්කාලීන කරනු ඇත. විශ්ලේෂකයන්ගේ සහ පර්යේෂකයන්ගේ පහසුව තකා මෙම වෙබ් පිටුව පහත සඳහන් වර්ගීකරණයන් යටතේ දක්වා ඇත.
|
|
|
 |
|