|
 |
|
|
 |
ප්‍රාදේශීය සංවර්ධනය
ප්‍රාදේශීය සංවර්ධනය උදෙසා ගන්නා වු ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම මහ බැංකුවේ නියෝජිත සේවා වලින් එකකි. එහිලා ඒ සඳහා උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන් එනම් ශ්‍රී ලංකා රජය, මූල්‍ය ආයතන, විදේශ ආධාර ප්රදානය කරන්නන් හා අනෙකුත් ණය දෙන ආයතන හා ණය ප්රතිලාභ ලබන ප්‍රතිග්‍රාහකයන් සම්බන්ධීකරණය කිරීම තුළින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම හා දුගීභාවය අඩුකිරීම අරමුණුකොට ප්‍රතිලාභීන් වෙත ණය ගලායාම වැඩි දියුණු කිරීමට කටයුතු කරයි. මෙය ග්‍රාමීය ප්‍රජාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද නිතර අවධාරනය කරන, ණය විනය ප්‍රවර්ධනය කරන අඩු පිරිවැයක් සහිත ණය බෙදාහැරීමේ වැඩසටහන් විධිමත්ව සකස් කිරීම හා ක්රියාවේ යෙදවීම තුලින් සහ සංවර්ධන ප්රයත්න උදෙසා අවශ්‍ය වන්නා වු තොරතුරු එම ප්‍රජාවට බෙදා හැරීම තුළින් ළඟා කර ගත හැකිය.
|
|
|
 |
|