ප්‍රාදේශීය සංවර්ධනය
ප්‍රාදේශීය කාර්යාල
බැංකු ක්ෂේත්‍රයේ සහාය ඇති ව ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් මාතර, අනුරාධපුර සහ මාතලේ යන නගරවල පළාත් කාර්යාල තුනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භයේ දී පිහිටුවන ලදී. පළමු වන ප්‍රාදේශීය කාර්යාලය 1981 වසරේ දී මාතර විවෘත කරන ලද අතර පිළිවෙළින් 1982 සහ 1985 වසරවල දී අනුරාධපුර සහ මාතලේ දෙ වන සහ තුන් වන ප්‍රාදේශීය කාර්යාල විවෘත කරන ලදී. උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ සංවර්ධන ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමේ අදහසින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි හතර වන පළාත් කාර්යාලය 2010 ජූලි මස 07 වන දින යාපනයේ දී ද පස් වන පළාත් කාර්යාලය 2010 නොවැම්බර් 12 වන දින ත්‍රිකුණාමලයේ දී ද විවෘත කළේ ය.
මෙහෙයුම් බල ප්‍රදේශය
රටෙහි පවත්නා පළාත් පරිපාලන ක්‍රමය සමඟ අනුගත වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාදේශීය කාර්යාලවල නිල නාමය පළාත් කාර්යාල ලෙස මෑතක දී නැවත නම් කළේ ය.
පළාත් කාර්යාලවල මෙහෙයුම් බල ප්‍රදේශ
 |
පළාත් කාර්යාලය - දකුණු පළාත - ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක |
 |
පළාත් කාර්යාලය - උතුරු මැද පළාත - අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක |
 |
පළාත් කාර්යාලය - මධ්‍යම පළාත - මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක |
 |
පළාත් කාර්යාලය - උතුරු පළාත - යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්ක |
 |
පළාත් කාර්යාලය - නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක |
කෙසේ වුව ද, අවශ්‍යතාව මත, ඉහත සඳහන් පළාත් කාර්යාල මඟින් ආවරණය නො වන අනෙකුත් දිස්ත්‍රික්කවල ද සංවර්ධන ක්‍රියාකාරකම් මෙම පළාත් කාර්යාල මඟින් ම ක්‍රියාවේ යොදවනු ඇත.
අරමුණු
ප්‍රාදේශීය කාර්යාලවල කාර්යයන්
 |
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් පළාත්වල ක්‍රියාවේ යෙදවීම |
 |
ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ණය ලබා දෙන වැඩසටහන් සහ අනෙකුත් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමේ දී ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට සහාය ලබා දීම |
 |
ප්‍රාදේශීය තොරතුරු එකතු කිරීම සහ සකස් කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම සඳහා ආර්ථික සහ මූල්‍යමය දත්ත සහ තොරතුරු බෙදා හැරීම |
 |
සම්මන්ත්‍රණ/වැඩමුළු ආදිය පැවැත්වීම මඟින් ග්‍රාමීය ජනතාව අතර බැංකු කටයුතු සහ සංවර්ධනය පිළිබඳ ව දැනුම්වත් කිරීම |
 |
පළාතේ සංවර්ධන ක්‍රියාකාරකම්වලට බලපාන පළාත් ආශ්‍රිත විශේෂ ගැටළු හඳුනා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රාදේශීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීම සහ සමීක්ෂණය කිරීම |
ලිපිනයන්
පළාත් කළමනාකරු
පළාත් කාර්යාලය - දකුණු පළාත
35, අනගාරික ධර්මපාල මාවත
මාතර
දුරකතන: 041 2222269
ෆැක්ස්: 041 2222719
විද්‍යුත් තැපෑල: romatara@sltnet.lk |
පළාත් කළමනාකරු
පළාත් කාර්යාලය - උතුරු මැද පළාත
341, 1 පියවර
අනුරාධපුරය
දුරකතන: 025 2222024
ෆැක්ස්: 025 2225689
විද්‍යුත් තැපෑල: cbslapr@sltnet.lk |
පළාත් කළමනාකරු
පළාත් කාර්යාලය - මධ්‍යම පළාත
805, ත්‍රිකුණාමල වීදිය
මන්දන්ඩාවෙල
මාතලේ
දුරකතන: 066 2222167
ෆැක්ස්: 066 2222175
විද්‍යුත් තැපෑල: rm.matale@ymail.com |
පළාත් කළමනාකරු
පළාත් කාර්යාලය - උතුරු පළාත
105, අරසඩි පාර
යාපනය
දුරකතන: 021 2221855
ෆැක්ස්: 021 2221856
විද්‍යුත් තැපෑල:cbslJaffna@gmail.com
|
පළාත් කළමනාකරු
පළාත් කාර්යාලය - නැගෙනහිර පළාත
103 , තැපැල් කාර්යාල පාර ,
ත්‍රිකුණාමලය
දුරකතන: 026 2226966
ෆැක්ස්:ස් : 026 2226967
|
|
|