මුල් පිටුව
 පුවත්පත් නිවේදන /දේශන
 බැංකුව පිළිබඳ තතු
 මුදල් ප්‍රතිපත්තිය
 මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
 ව්‍යවහාර මුදල් කළමනාකරණය
 නියෝජිත කටයුතු
 සංඛ්‍යාන
 නීති හා රෙගුලාසි
 ප්‍රකාශන
 අධ්‍යාපනය
 සේවා සහ වෘත්තීය
ss
නියෝජිත කටයුතු
රාජ්‍ය ණය කළමනාකරණය

සමස්ථ නිරීක්ෂණ

දේශීය ණය කළමනාකරණ උපාය මාර්ගයන් ප‍්‍රධාන වශයෙන්ම පහත දැක්වෙන කටයුතු කෙරෙහි යොමු වී ඇත.
අ)

පුළුල් මූල්‍යකරණ සහ ආයෝජක පදනමක් සංවර්ධනය කිරීම මගින් අවම පිරිවැයක් යටතේ

 

රජයේ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ප‍්‍රමාණවත් සම්පත් රැස් කිරීම.

ආ)

මධ්‍යම තැන්පතු ක‍්‍රමය (CDS) ලෙස හඳුන්වන රජයේ සුරැකුම්පත්හි රාජ්‍ය ණය ලේඛනය

 

පවත්වාගෙන යාම සහ සියළු රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ ගනුදෙනු 100% ක

 

නිරවද්‍යතාවයකින් යුතුව මධ්‍යම තැන්පතු ක‍්‍රමය යටතේ සටහන් වී ඇති බව සහතික කිරීම.

ඇ) දේශීය හා විදේශීය ණය සේවාකරණය නියමිත වේලාවට සිදු කිරීම.
ඈ) කෙටිකාලීන හා දිගුකාලීන ණය අතර මනා සමබරතාවයක් සහතික කරමින්,
  ණය කළඹෙහි අවදානම පිළිගත හැකි මට්ටමක පවත්වා ගැනීම.
ඉ) දිගුකාලීන ඵලදා වක‍්‍රයක් හා පාදක පරිණතීන් සහිත සුරැකුම්පත් ගොඩනැගීම, වෙළෙඳපොල
  සඳහා ප‍්‍රමාණවත් ලෙස සුරැකුම්පත් සැපයීම සහ ආයතනික සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම
  තුලින් මනා කි‍්‍රයාකාරිත්වයක් සහිත ණය සුරැකුම්පත් වෙළෙඳපොලක් හඳුන්වා දීම.
ඊ) පවත්නා සාර්ව ආර්ථික වර්ධනයන් සහ වෙළෙඳපොල තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්,
  කාලෝචිත ණය කළමනාකරණ උපාය මාර්ගයන් පිළිබඳව මුදල් අමාත්‍යාංශයට උපදෙස් දීම.
උ)

රජයේ ණය කළමනාකරණය හා සම්බන්ධ තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම,

 

පවත්වාගෙන යාම සහ නවීකරණය කිරීම.


මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වන දේශීය ණය කළමනාකරණ කමිටුව විසින් දේශීය ණය කළමනාකරණය පිළිබඳ ක‍්‍රමෝපායයන් සැලසුම් කරනු ලැබේ. මාසිකව රැස්වන මෙම කමිටුව වෙළෙඳපොල තත්ත්වයන්, වෙළෙඳපොලෙහි රුචිකත්වයන්, මූල්‍යමය සංවර්ධනයන්, උද්ධමනය, රජයේ මූල්‍ය අවශ්‍යතාවයන්, පවත්නා ණය කළඹෙහි පරිණත වීමේ ව්‍යුහය හා අවදානම ආදිය සලකා බලමින් වෙළෙඳපොල හැසිරීම පදනම් කරගත් ක‍්‍රමෝපායයන් සම්මත කරගනු ලැබේ. මෙම ක‍්‍රමෝපායයන් මත පදනම්ව සකස් කරගනු ලබන වාර්ෂික හා මාසික ණය ලබාගැනීමේ සැලසුම් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඉදිරි මෙභෙයුම් අංශය මගින් කි‍්‍රයාත්මක කරනු ලැබේ. සම්පත් රැස් කිරීම සඳහා පවතින ප‍්‍රධාන උපකරණ වනුයේ භාණ්ඩාගාර බිල්පත් (දින 91, දින 182 සහ දින 364 පරිණතීන්ගෙන් සමන්විත), භාණ්ඩාගාර බැඳුම්කර (අවුරුදු 2 - 20 පරිණතීන්ගෙන් සමන්විත) සහ රුපියල් ණය (අවුරුදු 3 - 30 පරිණතීන් සහිත) වේ. රජයේ ණය සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා භාවිතා කරන ආයතනික යාන්ත‍්‍රණය ප‍්‍රාථමික අලෙවිකරු ක‍්‍රමයයි. වෙන්දේසි සහ ඍජු නිකුතු මගින් ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පත් කර ඇති රජයේ සුරැකුම්පත්හි ප‍්‍රාථමික අලෙවිකරුවන් වෙතට ප‍්‍රාථමික නිකුතු සිදු කරනු ලැබේ. ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ඉලෙක්ට්‍රොනික ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් ලංසු කැඳවීමෙන් වෙන්දේසි සිදු කරනු ලැබේ.

වර්තමානයේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් විදේශ ණය 696 ක් පමණ ද, 2011 වර්ෂ අවසාන වන විට  රුපියල් බිලියන 2,804 ක් වූ දේශීය ණය කළඹක් ද සේවාකරණය කරනු ලැබේ. මෙම ණය ගෙවිම් පිළිබඳ වගකීම් අධීක්ෂණය කිරීම සහ නියමිත වේලාවට සේවාකරණය කිරීම සඳහා කාර්යක්ෂම යාන්ත‍්‍රණයක් සකස් කර ඇත. වාර්ෂික සහ මාසික ණය පුරෝකථනයන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ පසු මෙභෙයුම් අංශය විසින් අධීක්ෂණය කරනු ලබන අතර ගෙවිම් පිළිබඳ වගකීම් අභ්‍යන්තර කමිටුවක් විසින් පරීක්ෂා කර අනුමත කරනු ලැබේ. 2004 වර්ෂයේ සිට ගෙවීම, පියවීම සහ දේශීය ණය සේවාකරණය නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය (SSSS) සහ තත්කාලීන දල පියැවුම් පද්ධතිය (RTGS) මගින් සිදු කරනු ලැබේ. මධ්‍යම තැන්පතු ක‍්‍රමය නමින් හඳුන්වනු ලබන ඉලෙක්ට්‍රොනික හිමිකම් ලේඛනයක රජයේ සුරැකුම්පත් සම්බන්ධ සියළු ගනුදෙනු පවත්වාගෙන යාම මගින් ආයෝජක රුචිකත්වය තහවුරු කර ඇත. නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ තත්කාලීන දළ පියැවුම් පද්ධතිය තුලින් අරමුදල් පියවීම සිදු කිරීමෙන් ගණුදෙනු ප‍්‍රමාණය වැඩි කිරීමටත්, වෙළෙඳපොල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත්, එමගින් ණය ලබාගැනීමේ පිරිවැය දිගුකාලීනව අඩු කිරීමටත් හැකියාව ලැබේ.

රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල ව්‍යාප්ත කිරීම හා එහි පදනම් පුළුල් කිරීම සහ අවම පිරිවැයක් යටතේ අරමුදල් රැස් කිරීම යන අරමුණු සහිතව කැපවූ ප‍්‍රාථමික අලෙවිකරු ක්‍රමය (PD) 2000 වසරේදි හඳුන්වා දෙන ලදී. වර්තමානයේ ප‍්‍රාථමික අලෙවිකරුවන් 12 දෙනෙකු මෙම කටයුතුවල නිරතව සිටියහ. වෙළෙඳපොල අවදානමට නිරාවරණය වීම අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පුළුල් කිරීම සඳහා 2009 දෙසැම්බර් 02 දින සිට සැලකියයුතු සීමාවන්ට යටත්ව ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වය විවිධාංගිකරණය සඳහා ප‍්‍රාථමික අලෙවිකරුවන්ට අවසර ලබා දෙන ලදී. ප‍්‍රාථමික අලෙවිකරු පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ස්ථායිතාවය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය විධි විධාන නිකුත් කිරීම, මගපෙන්වීම සහ ප‍්‍රතිපත්තීන් සම්පාදනය ද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එතැන් පරීක්ෂණ සහ දුරස්ථ පරීක්ෂණ පැවැත්වීම ද සිදු කරනු ලබයි.

ණය ගෙවීම් සහ සේවාකරණ වගකීම් ඇතුළුව සියළු විදේශ ණය වාර්තා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඇති පොදු රාජ්‍ය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද “පොදු රාජ්‍ය මණ්ඩලීය ණය වාර්තාකරණ සහ කළමනාකරණ පද්ධතිය” (CS-DRMS) නමින් හඳුන්වන දත්ත පදනමක පවත්වාගෙන යනු ලැබේ. දේශීය ණය හා සම්බන්ධ තොරතුරු ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ මධ්‍යම තැන්පතු ක‍්‍රමය තුළ සහ වෙනත් ආරක්ෂිත දත්ත පදනම් වල පවත්වාගෙන යනු ලැබේ.

ණය කළඹ පිළිබඳ තොරතුරු මහජනතාවගේ සහ වෙළෙඳපොල සහභාගිකරුවන්ගේ දැනගැනීම සඳහා සතිපතා, මාසිකව සහ වාර්ෂිකව ප‍්‍රසිද්ධ කරනු ලැබේ.

ආයෝජක පදනම පුළුල් කිරීම සඳහා, නොපියවූ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර තොගයන්ගෙන් සියයට 12.5 ක් බැගින් වූ උපරිමයකට යටත්ව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොල විදේශීය ආයෝජකයන්ට සහ විදේශයන්හි පදිංචි හා විදේශ රටවල රැකියාවල නියුතු ශ්‍රී‍්‍ර ලාංකිකයින් වෙත විවෘත කරන ලදී.

 

search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
Agency Functions
Foreign Exchange Management
 
Domestic Banking Units of Commercial Banks
  Foreign Currency Banking Units of Banks
  Application, Registration & Reporting
Public Debt Management
 
Overview
  Market Information
  How to Invest in Government Securities
Regional Development
 
Regional Development Lending Programmes
  Credit Gurantee Schemes
  Promotion of Forward Sales
  Regional Offices
Management and Administration of the Employees' Provident Fund
 
 
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by SLT Web Services