|
 |
|
|
 |
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණුවලින් එකක් වනුයේ ආර්ථික සහ මිල ස්ථායිතාව පවත්වා ගෙන යාමයි. මෙම අරමුණ මුදුන් පමුණුවා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුදල් ප්‍රතිපත්තිය එ නම් මුදලේ පිරිවැය සහ ලබාගතහැකි බව මත බලපෑමක් ඇති කරන ක්‍රියා මාර්ග විධිමත් ව සකසා ක්‍රියාත්මක කරයි. මහ බැංකුව පිහිටුවීමට සහ එයට අදාල ව්‍යවස්ථා සම්පාදනයට පදනම් වූ මුදල් නීති පනත මගින් මුදල් කළමනාකරණ උපකරණවල පුළුල් පරාසයක් සපයයි. වර්තමානයේ දී, රටේ මුදල් ප්‍රතිපත්ති රාමුව වෙළෙඳපොළ පදනම් කර ගත් ප්‍රතිපත්තිමය උපකරණ සහ වෙළෙඳපොළ බලවේග භාවිතය මත වැඩි විශ්වාසයක් තබාගනිමන් අපේක්ෂිත අරමුණු ලඟා කරගෑනීමට ක්‍රියා කරයි.
|
|
|
 |
|