මුල් පිටුව
 පුවත්පත් නිවේදන /දේශන
 බැංකුව පිළිබඳ තතු
 මුදල් ප්‍රතිපත්තිය
 මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
 ව්‍යවහාර මුදල් කළමනාකරණය
 නියෝජිත කටයුතු
 සංඛ්‍යාන
 නීති හා රෙගුලාසි
 ප්‍රකාශන
 අධ්‍යාපනය
 සේවා සහ වෘත්තීය
 
බැංකුව පිළිබඳ තතු
සංවිධාන ව්‍යුහය

මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව සංස්ථාපිත ආයතනයක් නො වන නිසා එයට ම ආවේණික වූ නීතිමය ව්‍යුහයක් මහ බැංකුවට ඇත. මුදල් නීති පනතට අනුව සියළු ම බලතල සහ කාර්යයන් හිමි මුදල් මණ්ඩලයට සංස්ථාපිත වගකීම පැවරී ඇත. පාලන අධිකාරිය ලෙස මහ බැංකුවේ කළමණාකරණයට, මෙහෙයුමට සහ පරිපාලනයට සම්බන්ධ සියළු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා මුදල් මණඩලය වගකිව යුතු ය.

මහ බැංකු මුදල් මණ්ඩලය සාමාජිකයින් පස් (5) දෙනෙකුගෙන් සමන්විත ය.

අධිපති
මුදල් අමාත්‍යංශයේ ලේකම් (නිල බලයෙන්)
විධායක නො වන සාමාජිකයින් තිදෙනෙකු (3)

අධිපති මුදල් මණ්ඩලයේ සභාපති වරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින් පත් කිරීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. අධිපතිගේ සහ මුදල් මණ්ඩලයේ විධායක නො වන සාමාජිකයින්ගේ නිල කාලය අවුරුදු හය (6) කි. මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සාමාජිකයින් තිදෙනෙකුගෙන් (3) යුතු ගණපූරණයක් තිබිය යුතු ය. මුදල් මණ්ඩලයේ තීරණ වලංගු වීම සඳහා සාමාජිකයින් තිදෙනෙකුගේ (3) අනුමැතිය අවශ්‍ය වේ. කෙසේ වුවත් ඒකමතික තීරණයක් ගැනීමට අවශ්‍ය වූ විටක දී සාමාජිකයින් පස් (5) දෙනාගේ ම අනුමැතිය අනිවාර්ය වේ.


search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
බැංකුව පිළිබඳ තතු
සමස්ත නිරීක්ෂණය
ඉතිහාසය
 
ඉතිහාසය ලුහුඬින්
  හිටපු අධිපතිවරැන්
මතු දැක්ම, මෙහෙවර ප්‍රකාශනය සහ වටිනාකම
 
මතු දැක්ම
  මෙහෙවර ප්‍රකාශනය
  වටිනාකම
අරමුණු සහ කාර්යයන්
සංවිධාන ව්‍යුහය
 
මුදල් මණ්ඩලය
  මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුව
  දෙපාර්තමේන්තු
  සංවිධාන සටහන
  ප්‍රධාන නිලධාරීන්
ප්‍රාදේශීය කාර්යාල
  පුස්තකාල සහ තොරතුරැ මධ්‍යස්ථානය
  ව්‍යවහාර මුදල් කෞතුකාගාරය
  නවතම වාර්ෂික වාර්තාව
 
 
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by SLT Web Services