මුල් පිටුව
 පුවත්පත් නිවේදන /දේශන
 බැංකුව පිළිබඳ තතු
 මුදල් ප්‍රතිපත්තිය
 මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය
 ව්‍යවහාර මුදල් කළමනාකරණය
 නියෝජිත කටයුතු
 සංඛ්‍යාන
 නීති හා රෙගුලාසි
 ප්‍රකාශන
 අධ්‍යාපනය
 සේවා සහ වෘත්තීය
 
බැංකුව පිළිබඳ තතු
ඉතිහාසය

ඉතිහාසය ලුහුඬින්

ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්තියක සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක වැදගත්කම හඳුනා ගැනීම නිසා නිදහසින් පසු රජය විසින් ලංකා මහ බැංකුව පිහිටුවන ලදි.

මහ බැංකුව පිහිටුවීමට පෙර මහ බැංකු කටයුතු හා සම්බන්ධිත කාර්යයන් 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟින් මෙහෙයවන ලදී.

දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු සංවර්ධනය වෙමින් පවත්නා රටක සහ නිදහස් ජාතියක අවශ්‍යතා සපුරාගැනීම සඳහා ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවන හා යෝග්‍ය නොවන බවට සලකන ලදී. එමනිසා 1948 ජුලි මස දී එක්සත් ජනපද රජයෙන් ලංකාණ්ඩුව මහ බැංකුවක් පිහිටුවීමට අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කළේ ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් එක්ස්ටර් මහතා මෙහි කටයුතු කිරීම සඳහා පත් කරනු ලැබී ය.
1949 නොවැම්බර් මාසයේ දී මහ බැංකුව සඳහා තාර්කික හා නෛතික රාමුව පිළිබඳ එක්ස්ටර් වාර්තාව ලංකාණ්ඩුවට ඉදිරිපත් කරන ලදුව එය පිහිටුවීමට පියවර ගත්තේ ය. 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද අතර 1950 අගෝස්තු 28 දින එහි මෙහෙයුම් කටයුතු ආරම්භ විය. 1985 දී එය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදි.

රටෙහි සමස්ත මූල්‍ය, බැංකු කටයුතු හා ණය ක්‍රම පරිපාලනය කිරීමට හා නියාමනය කිරිමට අවශ්‍ය පුළුල් බලතල මහ බැංකුවට පවරන ලදී. එමෙන්ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ තනි අයිතිය සහ බලය ද මහ බැංකුවට පවරන ලද අතර රටෙහි ජාත්‍යන්තර සංචිතවල භාරකාරු බවට ද එය පත් වුණි. 1949 මුදල් නීති පනතෙහි සඳහන් කළ ආකාරයට මහ බැංකුවේ අරමුණු වුයේ

(අ) දේශීය මුදලේ අගය ස්ථාවර කිරීම (මිල ස්ථායිතාව පවත්වාගෙන යාම)
(ආ) ශ්‍රී ලංකා රුපියලේ මුහුණත අගය හෝ විනිමය අනුපාතිකයේ ස්ථායිතාව ආරක්ෂා කිරිම (විනිමය අනුපාතිකයේ ස්ථායිතාව පවත්වාගෙන යාම)
(ඇ)

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, සේවා නියුක්තිය හා මූර්ත ආදායම ඉහළ මට්ටමක පවත්වා ගෙනයාම සහ ප්‍රවර්ධනය කිරීම

(ඈ) ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත් පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම හා ප්‍රවර්ධනය කිරීම

ඉහත (අ) සහ (ආ) ස්ථායිකරණ අරමුණු ලෙස වර්ග කළ හැකි අතර (ඇ) සහ (ඈ) සංවර්ධන අරමුණු ලෙස වර්ග කළ හැකි ය. මහ බැංකුවට එහි අරමුණු ඉටුකර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම සම්බන්ධ ව පුළුල් බලතල මුදල් නීති පනත මඟින් පවරන ලදී. එමනිසා මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙනයාම මඟින් වක්‍ර ව පමණක් නො ව මූල්‍ය පද්ධතියේ සංවර්ධනය සහ ව්‍යාප්තිය ප්‍රවර්ධනය කිරීම මඟින් හා වැඩි ම සංවර්ධන විභව ඇති ප්‍රදේශවලට ණය ක්‍රම හඳුන්වා දීම මඟින් ඍජු ව ද මෙම අරමුණු ඉටු කර ගැනීමේ දී වැදගත් භූමිකාවක් රඟ දැක්වනු ඇතැයි මහ බැංකුවෙන් අපේක්ෂා කරන ලදී. කෙසේ වුව ද සමහර ආර්ථික තත්ත්ව යටතේ එකිනෙකට විරුද්ධ ව ක්‍රියාත්මක වන අරමුණු දෙක එ නම් ස්ථායිකරණ අරමුණු සඳහා මුදල් සහ ණය වර්ධනය කපා හැරීමට මහ බැංකුවට ඇති අවශ්‍යතාවය හා සංවර්ධන අරමුණු සඳහා මුදල් සහ ණය වර්ධනය ප්‍රසාරණය කිරීමට මහ බැංකුවට ඇති අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ගත් මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා මහ බැංකුව පටන් ගැන්මේ දී පවරන ලද ස්ථායිකරණ සහ සංවර්ධන අරමුණු එකිනෙක හා ගැටුණි.

එම නිසා මහ බැංකු කටයුතුවල දී ලෝක ව්‍යාප්ත නැඹුරුතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙ‍ෙළඳපො‍ෙළහි ශීඝ්‍ර වෙනස්කම්වලට එකඟ ව ආර්ථික ලිහිල්කරණයට සහ තොරතුරු තාක්ෂණයේ සැලකිය යුතු ප්‍රගතියට අනුගාමී ව 2000 වසරේ දී මහ බැංකුව නවීකරණ වැඩසටහනක් ආරම්භ කළේ ය. ඒ අනුව, රටෙහි ඵලදායී සම්පත් සංවර්ධනය දිරිමත් කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අදහස ඇති ව ක්‍රියාත්මක වන මහ බැංකු අරමුණු වනුයේ

1 ) ආර්ථික සහ මිල ස්ථායිතාව පවත්වා ගෙනයාම
2 ) මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගෙනයාම

search
> ප්‍රශ්න සහ පිළිතුරැ
> වෙනත් වෙබ් අඩවි
> වෙබ් පටුන
> අපව අමතන්න
> වගකීමෙන් බැහැරවීම
බැංකුව පිළිබඳ තතු
සමස්ත නිරීක්ෂණය
ඉතිහාසය
 
ඉතිහාසය ලුහුඬින්
  හිටපු අධිපතිවරැන්
මතු දැක්ම, මෙහෙවර ප්‍රකාශනය සහ වටිනාකම
 
මතු දැක්ම
  මෙහෙවර ප්‍රකාශනය
  වටිනාකම
අරමුණු සහ කාර්යයන්
සංවිධාන ව්‍යුහය
 
මුදල් මණ්ඩලය
  විගණන කමිටුව
  දෙපාර්තමේන්තු
  සංවිධාන සටහන
  ප්‍රධාන නිලධාරීන්
ප්‍රාදේශීය කාර්යාල
  පුස්තකාල සහ තොරතුරැ මධ්‍යස්ථානය
  ව්‍යවහාර මුදල් කෞතුකාගාරය
  නවතම වාර්ෂික වාර්තාව
 
 
© Central Bank of Sri Lanka. Allrights reserved 2010. Site by SLT Web Services