|
 |
|
|
 |
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිකුත් කරන ලද පුවත්පත් නිවේදන සහ දැන්වීම් මෙන් ම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේ ප්‍රසිද්ධ දේශන මාලාව යටතේ පවත්වන ලද දේශන ද සංක්ෂිප්ත ව මෙම කොටසෙහි අන්තර්ගත වෙයි.
පුවත්පත් නිවේදන
ශ්‍රී ලංකා මහ බැංකුව එහි සියළු ම කාර්යයන් ආවරණය වන සේ තොරතුරු බෙදා හැරීම සඳහා පුවත්පත් නිවේදන නිකුත් කරනු ලබයි. බැංකුවේ ප්‍රතිපත්තිමය තීරණ දැනුම්දීමට මෙන් ම ප්‍රකාශන, වාර්තා හා නව ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමට සහ දත්ත බෙදා හැරිමට පුවත්පත් නිවේදන ප්‍රධාන වශයෙන් යොදා ගනියි. මේවා මංගත ව ලබා ගත හැකි ය.
මහජනතාව වෙත කෙරෙන දැනුම්දීම්
මහජනතාව විසින් දැනුවත් විය යුතු සුවිශේෂ ගැටලු පිළිබඳව තොරතුරු බෙදාහැරීමට මහ බැංකුව මහජනතාව වෙත දැන්වීම් නිකුත් කරනු ලබයි. මේවා මංගත ව ලබාගත හැකි ය.
දේශන
විවිධ තේමා යටතේ මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පවත්වන ලද දේශන මංගත ව ලබා ගත හැකි ය.
බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍ර ප්‍රසිද්ධ දේශන මාලාව
ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් ද ඇතුළු ව දෙස් විදෙස් විශිෂ්ට දේශකයින් ලවා කාලීන මාතෘකා යටතේ මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රය සිය ප්‍රසිද්ධ දේශන මාලාව පවත්වාගෙන යනු ලබයි. සමහර දේශන අත් පත්‍රිකා සහ ප්‍රකාශිත කාලීන වාර්තා මංගත ව ලබා ගත හැකි ය. |
|
|
 |
|